මාමස්මි STF වෙඩි පහරින් මරුට - Underworld leader ‘Mamazmi’ shot dead

මාළිගාවත්ත ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් ප්‍රබල පාතාල නායකයෙකු වූ මාමස්මි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර කිරීමට උත්සහ දරා ඇති අතර රථයේ පිටුපස සිටි විශේෂ කාර්ය බලකා සෙබලෙකු විසින්කල වෙඩි තැබීමකදී සැකකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.මාමස්මි සතුව තිබූ බව කියන තවත් ගිනිඅවි සෙවීම සඳහා යමින් සිටියදී සැකකරු රියදුරුගේ ගෙල සිරකර ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.සිදධියෙන් තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගතකර ඇති ජීප් රථය මාරගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති තිබේ.ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුළු ශරීරයම ආවරණය වන ගැහැණු ඇඳුමක් තුල සැඟවී සිට ඇතැයිද පැවසේ.

2000 වසරේ කොළඹ මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා වූ අයුබ්ඛාන් නැමැත්තාගේ සේවකයෙකු ලෙස මාමාස්ගේ පාතාල ගමන ඇරඹි ඇත. අයුබ්ඛාන්ගේ මරණයෙන් පසු අනුපිළිවෙලට සිටි පුද්ගලයින් මුස්ලිම් පාතාලය පවත්වාගෙන ගිය අතර ඒ සියලුදෙනා සමඟ මාමස් පාතාල කටයුතුවල යෙදී ඇත.ඔවුන්ද පොලිසියෙන් විටින්විට මැරුම් කෑ අතර අවසානයේ මුස්ලිම් පාතාලයේ නායක කිරුළ මාමාස්ට හිමි විය.

අනුර බණ්ඩාරනායකගේ බූදලයට හතර දෙනෙක් අයිතිය කියති

ඒ කඩදාසි අනුර ඉරා දැමුවා - චන්ද්‍රිකා ,සුනේත්‍රා කියති
අනුර බණ්ඩානායක මහතා ජීවතුන් අතරේ සිටියදී ඔහු සමීපයේ සිටි අතරමැදි පුද්ගලයන් හතර දෙනෙක් අද (03) ඒ මහතාගේ බූදලය සම්බන්ධ නඩුවේදී පවසා සිටියේ තමන්ටත් එම බූදලයෙන් කොටසක් අයත් බවකි. බණ්ඩානායක මහතා ජීවතුන් අතරේ සිටියදී අන්තීම කැමැති පත්‍රයෙන් ඔහු ඒ බව ලියා තැබූ බව ඔවුන් පැවසූහ.මියගිය අනුර බණ්ඩානායක මහතාගේ බූදලය සම්බන්ධ නඩුව අද (03) සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සී.ජේ.මඩවල හා එල්.ටී.බී. දෙහිදෙනිය යන මහත්වරුන් හමුවෙහි කැඳ වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විණ. 

මෙම අවස්ථාවේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් අධිකරණය හමුවෙහි පවසා සිටියේ එසේ ලියුවා යැයි කියන අන්තීම කැමැති පත්‍රය අනුර බණ්ඩානායක මහතා විසින් ඔහු ජීවත් වී සිටියදී ම ඉරා දැමූ බවයි. 

අතරමැදි පෙත්සම්කරුවන් පවසා සිටියේ අන්තීම කැමැති පත්‍රයේ පිටපතක් තමන් සන්තකයේ තිබෙන බවයි. වැඩිදුර විභාගය නොවැම්බර් මස 11 වැනිදාට කල් තැබිණ. නීතිඥ රොමේෂ් සිල්වා, සුනිමල් කුරේ, හේමන්ත බොතේජු, තිළිණි, උපාලි සංජීව යන මහත්වරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඊළාම් කොඩිය ගෙන ක්‍රීඩාංගණයට ආ කොටි සාමාජිකයාට වංචාවකට වරෙන්තු

ATM යන්ත්‍රවලින් කෝටි ගණනක මුදල් ඇදලා සැකකරුගේ කොටහේනේ බැංකු ගිණුමත් අත්හිටුවයි
එංගලන්ත 'කාඩිෆ්' ක්‍රීඩාංගණයේ පසුගිය ජූනි 20 වැනි දින පැවැති ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගයේදී ඊළාම් ධජය රැගෙන ක්‍රීඩා පිටියට පැමිණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට බාධා කිරීමට උත්සාහ කළ කොටි සාමාජිකයා ATM වංචාවකට සම්බන්ධ යැයි ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) විවෘත වරෙන්තු නිකුත් කළේය.

ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇති බව සඳහන් කරමින් සැකකරුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය කරනු ලැබූ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

යෝගෙෂ්වරන් මනිමාරන් නොහොත් මොහාන් රාජ් නමැති මොහු ඌරන් ජනපදය, වැල්වටිතුරේ පදිංචිකරුවෙකි. විදෙස් ජාතිකයන්ට අයත් බැංකු ගිණුම් සඳහා ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් සකස් කොට ශ්‍රී ලංකාව තුළ ඇති ස්වයංක්‍රීය යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.මෙසේ ලබාගන්නා ලද කෝටි තුනකට ආසන්න මුදලක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා හා එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නියැළී සිටිමින් ත්‍රස්තවාදීන්ට මුදල් සපයන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පුතාගේ සිද්ධිය සුළු දෙයක් බව ඇමැති කියයි

ගුවන්යානයේ දොර අරින්න තරම් මම මීහරකෙක්‌ නෙවි"
රමිත් රඹුක්‌වැල්ල කියයි
ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම පුත් රමිත් රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ගමන් කරද්දී මුහුණ පෑවේ සුළු සිද්ධියකට බව එම ගුවන්සේවයම පවසා ඇතත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඩේලි මේල් පත්‍රයේ පළ වූ පුවතට වැඩි බරක් දී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප සමග පවසා ඇත.

‘පුතා ලංකාවට ආ ගමන් මේ ගැන මට කීවා. යානයේ සිටි අයගෙන් සමාව ගත් බවත් කීවා. යානයේ පසුපස දොරත්, වැසිකිළි දොරත් අතර දුර මීට දෙකක්වත් නෑ. ඕනෑ කෙනකුට මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්. මීට පෙරත් සිදුවෙලා තියනවා. ඉදිරියටත් විය හැකි බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය කියනවා.‘

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන පරීක්ෂණයකට තම සහාය දෙන බව ද ඇමැතිවරයා කීවේය.

‘මේක සුළු සිද්ධියක්. කනගාටුවට කරුණ තමයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයෙන් වාර්තාවක් නිකුත් කර තියෙද්දී හැම මාධ්‍යයකම වගේ ගියේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තිබුණු දේ විතරයි. ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තියෙන්නේ අවුරුදු 23ක කෙනෙකු බියවී කෑ ගැසුවා කියලා. ඒක තමයි මාධ්‍ය වල අරගෙන තිබුණේ.

භාරතට වෙඩි තබා, දුමින්ද තමන්ටත් වෙඩි තබා ගෙන - After shooting Bharatha, Duminda had shot himself

දුමින්දට එරෙහිව පොලිස් කොස්තාපල්වරයකුගෙන් සාක්ෂි
2011 වසරේ ඔක්තෝබර් 8 වෙනි දින පැවති පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ඡන්ද මධ්‍යස්ථානයක් අසළදී එහි සිටි කාන්තාවන්ට පහරදුන් බව ‍පොලිස් කොස්තාපල්වරයකු ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේය‍.

කොස්තාපල් ඩී. දමිත් සුරංග කුමාර මහතා මේ බව පැවසුවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීමේ නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී ය. කොස්තාපල්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ එම ප්‍රකාශය විවෘත අධිකරණයේදී කියවීමට අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අවස්ථාව දුන්නේය.එම ප්‍රකාශය කියවමින් කොස්තාපල්වරයා පැවසුවේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සමග එම ස්ථානයට පැමිණි පුද්ගලයින් අටදෙනෙකු කාය වර්ධන ව්‍යායාම කරන පුද්ගලයින් බවට හැගී ගිය බව ය.

ඔවුන් සියලු දෙනා සතුව ගිනි අවි තිබූ බවත් කොස්තාපල්වරයා පැවසීය. ඒ සියලුදෙනාම මත්පැන් පානය කර තිබූ බවත් මන්ත්‍රීවරයා ද වෙරි මතින් සිටි බව තමන්ට පෙනුණු බවත් පොලිස් කොස්තාපල්වරයාගේ ප්‍රකාශයේ සදහන් විය.ඔහු කියා සිටියේ ඒ සියලු දෙනා එහි සිටි කාන්තාවන්ට පහර දෙනු තමා හා එහි සිටි අනෙක් කොස්තාපල්වරයා දුටු බව ය. එම පහරදීම් මැඩලීමට තමා හා අනෙක් පොලිස් නිලධාරියා කිසිදු උත්සාහයක් නොගත් බව ද කොස්තාපල් දමිත් සුරංග මහතා කියා සිටියේය.

24 වැනි පිච්චමල් පූජා මහෝත්සවය ජූලි 06දා

දිවයිනේ නන් දෙසින් පැමිණෙන සැදහැවතුන්ගේ සහභාගිත්වයෙන්, ශාන්ති පදනම සංවිධානය කරන 24 වැනි පිච්චමල් පූජා මහෝත්සවය ජූලි මස 06දා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වෙයි. එදින පස්වරු 2.00ට පිච්චමල් පෙරහැර බුද්ධශ්‍රාවක ධර්මපීඨය අසලින් ඇරඹෙයි. 

භික්ෂූන් වහන්සේ සහ උපාසක උපාසිකාවන් පිච්චමල් පාත්‍ර රැගෙන පෙරහැරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පැමිණ උඩමළුවේ මල් ඇතිරීම පස්වරු 5.00ට අරඹයි. අනතුරුව වන්දනා කිරීම නිමවීමෙන් පසුව රුවන්මැලි සෑ ප්‍රදර්ශනා පෙරහැර පවත්වනු ලැබේ. 06දා මධ්‍යම රාත්‍රී 12 පමණ වන විට පිච්චමල් පූජා මහෝත්සවයේ එදින ආගමික වතාවත් නිම වෙයි.

ජූලි 7දා උදේ රුවන්මැලි සෑය අභියස කිරිපිඬු දාන පූජාව පැවැත්වෙයි. මේ සමඟම පලතුරු පූජාවක් සිදු කෙරෙන අතර එයට තම ගෙවත්තේ වවා ඇති පලතුරු ගසකින් නෙලා ගත් පලතුරු ගෙඩියක් බැගින් පූජා කිරීමට සැදැහැවතුන්ට හැකිය. එහි දී අභයදාන පිංකමක් ද පැවැත්වෙයි.ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පැවති පිච්චමල් පූජා මහෝත්සව සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවේ දී මෙම මෙම තොරතුරු ඉදිරිපත් කෙරිණි.

ඉන්දියාවට එරහිව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර තරගයෙන් ලකුණු 161 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.

ඊයේ (02) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 348ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 44.5කදී සියලු දෙනාම දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 187ක් පමණි.

නොදැවී ලකුණු 174ක් රැස් කළ උපුල් තරංග තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය.ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් මහේල ජයවර්ධන(107)හා උපුල් තරංග ලකුණු 213 ක සම්බන්ධයක් ගොඩ නැගීමට සමත් වූහ. මහේල පන්දු 112කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් සමඟින් ලකුණු 107 ලබා ගත්තේය.කලකට පසුව කණ්ඩායමේ ස්ථානය හිමිකරගත් උපුල් තරංග, සිය ලකුණු 174 ලබාගත්තේ පන්දු 159 කට මුහුණ දෙමිණි. මොවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 213 සබදතාවක් පැවත්වුයේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට පිවිස සිටි අතර තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් සහ අජන්ත මෙන්ඩිස් ඊයේ තරගය සඳහා කී‍්‍රඩා නොකළහ.

කේට් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවාට ඔට්ටු අල්ලති

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුට සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කැතරීන් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවා දුවෙක් ද පුතෙක් ද යන්න පිළිබඳව ලෝ පුරා ඔට්ටු ඇල්ලීමට පටන්ගෙන ඇත. මේ රහස දැනට බැකිංහම් මාළිගයෙන් පිටත කිසිවකුත් නොදනී.වසර 2011 රාජකිය යුවළගේ විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් සිදුකළ ඔට්ටු ඇල්ලීම් පවා මේ අවස්ථාවේදි ඉක්ම වනු ඇතැයි විශ්වාස කෙරේ. රාජකිය බිලිදාගේ බර , කෙස්වල වර්ණය මෙන්ම කැතරින් කුමරිය සිසේරියන් සැත්කමකට භාජනය වනු ඇත්ද නැද්ද යන්න පිළිබඳව පවා ඔටුටු අල්ලා තිබේ.

වැඩිම ඔට්ටු මුදල අල්ලා ඇත්තේ රාජකීය බිලිදාගේ නම සම්බන්ධයෙනි. ගැහැනු දරුවන්ගේ නම් අතර ඇලෙක්සැන්ඩ්‍රියා ,චාලට්, එළිසබත් ,ඩයනා සහ වික්ටෝරයා මුල් තැනට පත්වී ඇත. මේ අතර පිරිමි දරුන්ගේ නම් අතර මුල් තැන ගෙන ඇත්තේ ජෝර්ජ් ,ජේම්ස් සහ ලුවිස්ය.

ඇලෙක්සැන්ඩ්‍රියා යන නම දෙවන එළිසබත් රැජනගේ දෙවන නම වන අතර, චාලට් යන නම කැතරින් කුමරි‍යගේ සහෝදරිය වූ පිපා මිඩල්ටන්ගේ දෙවන නමයි. රාජකීය බිලිදාගේ උපත ජූලි 13 දින නියමිතව ඇතත් එය ජූලි මුල් සතියේ දි සිදුවනු ඇතැයි වැඩිදෙනෙක් විශ්වාස කරති. මෙම ඔටුටු ඇල්ලීම්වලින් රාජකීය මංගල්‍ය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමෙන් ලැබුණ පවුම් 3000ට වඩා 30 % කින් පමණ වැඩි මුදලක් උපයා ගත හැකි වනු ඇතැයි අපේක්ෂිතය.

Gossip Lanka Hot News Previous News Archive