එංගලන්ත 'කාඩිෆ්' ක්‍රීඩාංගණයේ පසුගිය ජූනි 20 වැනි දින පැවැති ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගයේදී ඊළාම් ධජය රැගෙන ක්‍රීඩා පිටියට පැමිණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට බාධා කිරීමට උත්සාහ කළ කොටි සාමාජිකයා ATM වංචාවකට සම්බන්ධ යැයි ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) විවෘත වරෙන්තු නිකුත් කළේය.
ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇති බව සඳහන් කරමින් සැකකරුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය කරනු ලැබූ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
යෝගෙෂ්වරන් මනිමාරන් නොහොත් මොහාන් රාජ් නමැති මොහු ඌරන් ජනපදය, වැල්වටිතුරේ පදිංචිකරුවෙකි. විදෙස් ජාතිකයන්ට අයත් බැංකු ගිණුම් සඳහා ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් සකස් කොට ශ්‍රී ලංකාව තුළ ඇති ස්වයංක්‍රීය යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.මෙසේ ලබාගන්නා ලද කෝටි තුනකට ආසන්න මුදලක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා හා එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නියැළී සිටිමින් ත්‍රස්තවාදීන්ට මුදල් සපයන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.