මහාචාර්යවරයා ස්කයිප් හරහා කෙල්ලන් දඩයම් කල හැටි
අමන්දා වෙනදාටත් වඩා උදේයාගයකින් යුතුව පරිගණකය ඉදිරියේ වාඩි වූවාය. ඇයගේ දෙනෙත්හි රැඳී තිබුණේ දැඩි නොඉවසිලිමත් බවකි. කිසියම් සුවිශේෂී දෙයක් අපේක්ෂාවෙන් ඇය බලා සිටියාය. "කොහොමද අමන්දා" ඒ ඇය මෙතෙක් වේලා අපේක්ෂා කරන ලද ප්‍රේමාන්විත කට හඬය. ඒ හඬ ඇසෙත්ම අමන්දාගේ දෙතොල් අතර ඇදී ගියේ ප්‍රේමාන්විත මන්දහාසයකි.
"මම බලන් හිටියේ 9.00 වෙන්නේ කොයි වෙලාවෙද කියලා."
ඇය තම නොඉවසිලිමත් බව පිළිබද ස්කයිප් තාක්ෂණයෙන් තමා අමතන ස්වීඩනයෙහි සිටින තම නව පෙම්වතාට පැවැසුවාය. "හරි පැටියෝ දැන් ඉතින් මම ආවානේ" ඔහු ඇයව අස්වැසුවේය. ඇයව අස්වසන්නට වචන ගණන් නාස්ති කරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහුගේ එක් වචනයක් ඇසූ සැණින් අමන්දා ප්‍රේමයෙන් උද්දාමයට පත්වන බව ඔහු හොඳින් වටහාගෙන සිටියාය. මන්දා දැඩි සේ ඔහුට ආදරය කිරීමට පටන් ගෙන තිබුණාය.
ධනවත් පවුලක සාමාජිකාවක් වූ රූමත් අමන්දා කොළඹ පිහිටි පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළාය. අතීතයේදී ඇයට පෙම්වතුන් කිහිප දෙනකුම සිටියාය. එහෙත් එම ප්‍රේම කතාවලින් ඇය ලැබුවේ මානසික පීඩනයක් පමණි. එම නිසාම එම ප්‍රේම කතාවලට තිත තැබූ අමන්දා යළි ප්‍රේම නොකරමියි තමා වෙතම ස්වයං වාරණයක් දමාගෙන සිටියාය. එහෙත් එම වාරණයන් සිඳී බිඳී ගියේ ෆේස් බුක් මාර්ගයෙන් මාස 9කට පමණ පෙර හඳුනාගත් කඩවසම් පිරිමියකු නිසාය.