බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන්නන්ට වාසි තීන්දුවක්

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතන්නන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන තීන්දුවක් ආගමන සහ දේශපාලන රැකවරණ අයදුම්පත් සලකා බලන ඉහල අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පැමිණිලි පාර්ශ්වයේ නීතිවේදී අරුන් ගනනාතන්, ඒ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ආගමන සහ දේශපාලන රැකවරණ පිලිබඳ විශේෂ අධිකරණයේ තීන්දුව ප්‍රකාර, බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන ශ්‍රී ලාංකිකයන් අතරින් ආපසු යැවීම අන්තරායකාරී පුද්ගලයන් වර්ග කිරීමක් ද කෙරෙන බවයි.ඉහත කී අධිකරණ තීන්දුවට අනුව, එල්ටීටී සංවිධානයේ ක්‍රියාත්මක වූ පුද්ගලයන්, විදේශගතව හිඳිමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූවන් සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරන මාධ්‍යවේදීන් ආපසු එරටට යැවීම අනතුරුදායක පියවරකි.

එම අධිකරණ තීන්දුවට එරෙහිව යළි අභියාචනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර කාර්යාලය සතු බවත් ප්‍රකාශ වෙයි.

කොදෙව්වන්ට වැස්ස හරස් වෙයි: ඉන්දියාව පළමු ජය ලබයි

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (05) සමත් විය. කොදෙව් කණ්ඩායම ලකුණු 102කින් පරාජයට පත්කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ජය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවය.කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 7ක් දැවී ලකුණු 311ක් රැස්කළ අතර, එහිදී විරාත් කෝලි ලකුණු 102ක් ලබා ගත්තේය.

කොදෙව් ඉනිමේ දසවෙනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය තාවකාලිකව නතර කෙරිණ. ඒ වන විට කොදෙව්වන් කඩුලූ 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 56කි.අනතුරුව තරග තීරක ජෙෆ් ක්‍රෝව් කොදෙව් කණ්ඩායමට ඩක්වත් ලූයිස් න්‍යායට අනුව පන්දුවාර 39කදී ලකුණු 274ක ඉලක්කයක් ලබාදීමට තීරණය කළේය.එම ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 34ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 171ක් පමණි.ඉන්දියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං ආබාධයකට ලක්‌වීම මත සහ පළමු තරග දෙකම පරාජය වීම මත ඉන්දියානු කණ්‌ඩායමට එරට මාධ්‍ය වලින් විවේචන එල්ල වෙමින් තිබු මොහොතක ඊයේ තරගයේ වීරයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි නම්කෙරිණ.

වාහන කුලියට ගෙන හොර බලපත් හදලා විකුණලා

සියලු වාහන විකුණලා තියෙන්නේ   පුවත්පත් දැන්වීම් දමා
කුලී පදනම මත ලබා ගන්නා වාහන වලට ව්‍යාජ පොත්පත් සකස් කොට අලෙවි කරන ප්‍රධාන සැකකරුවකු රුපියල් කෝටි දහයක් වටිනා නවීන පන්නයේ මෝටර් රථ විස්සක් සමඟ බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශය මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකරු වසර හයක් තිස්සේ වාහන ජාවාරම සිදුකොට වාහන 101ක් පමණ අලෙවි කොට ඇතැයි ද බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශයේ කොළඹ දකුණ ස්ථානාධිපති ලක්ෂ්මන් සිල්වා මහතා පවසයි.

සැකකරු විවාහ තුනක් සිදුකැර ඇති අතර නම් පහකින් හැඳුනුම්පත්, පාස්පෝට් සකස් කොට ඇතැයි ද වාර්තා වෙයි. උපාය දූතයකු යොදවා පෑලියගොඩ ප්‍රදේශයේ දී කොටු කරගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වාහනවල චැසි අංකය වෙනස් කරන ගරාජ් බාස් කෙනකු කඩවත දී පොලිසිය කොටු කැරගෙන ඇත.

වාහනයක් සොරාගෙන සීදුව, කටුනායක යන ප්‍රදේශවලට ගෙනැවිත් දුන් විට වාහනයේ යතුර සීට්එක යටින් තබා යන ලෙස පවසන සැකකරු ඔහුගේ නියෝජිතයකු හරහා ඒ මොහොතේම රුපියල් ලක්ෂ දෙකක් හෝ තුනක් වාහනය රැගෙන ආ අයට ලබා දෙනු ඇත. එම වාහනයේ චැසි අංක වෙනස් ;කාට පොත්පත් හදා ලක්ෂ ගණනකට අලෙවි කරනු ඇතැයි පැවසේ.අනතුරුවලින් ධාවනයෙන් ඉවත් කරන වාහන හා ගරාජ්වල සෑදීමට තිබෙන වාහන රැගෙන විත් පංචිකාවත්තට විකුණා සොරා ගන්නා වාහන එම පොත්පත් වලට සකස් කොට රුපියල් ලක්ෂ ගණන්වලට වසර හයක් තිස්සේ අලෙවි කොට ඇතැයි ද වාර්තාවෙයි.

විජේදාස රාජපක්ෂට කෝටි 50ක් ගෙවන්නැයි ලේක් හවුස් ආයතනයට යළි නියෝග

සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියක් හේතුවෙන් ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාට සිදුවූ අපහාසයකට වන්දි වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ඒ මහතාට ගෙවන ලෙස ලේක් හවුස් ආයතනයට දුන් නියෝගය කොළඹ දිසා අධිකරණය අද යළි තහවුරු කළේය.

ඒ, මීට පෙර ලබාදුන් එම නියෝගය අත්හිටුවන්නැයි, ලේක් හවුස් ආයතනය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.එම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ ලේක් හවුස් ආයතන වෙනුවෙන් කිසිදු නිලධාරියකු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒකපාක්ෂිකව සිය තීන්දුව ලබාදුන් විනිසුරු ටී.ඩී.එස් ගුණසේකර මහතා ලේක් හවුස් ආයතනයට නියෝග කළේ විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් කෝටි 50 ක් ගෙවන ලෙස ය.

නඩුව පැවති දිනයේ අධිකරණයට පැමිණිමට තම නිලධාරීන්ට නොහැකි වූ හෙයින් තීන්දුව යළි සලකා බලන්නැයි ඉල්ලා ලේක් හවුස් ආයතනය දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.කෙසේ වෙතත් එම පෙත්සම අද ප්‍රතික්ෂේප කළ විනිසුරු ධම්මික ගනේපොල මහතා පෙර තීන්දුව යළි තහවුරු කළේය.

ජගත් චමිලට විමල් ලක්‍ෂ 50ක නව නිවෙසක් දෙයි

"නිව්යෝර්ක් සිටි" ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලොව හොඳම නළුවා බවට පත්වූ රංගන ශිල්පී ජගත් චමිලට රුපියල් ලක්ෂ 50ක් වටිනා නව නිවෙසක් ලබාදෙන බව ඉදිකිරීම් ඉන්ජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි.

ඒ අනුව "ජන සෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ ඔහුට මෙම නව නිවෙස ලබාදීමට නියමිතය.ලබන 11 වැනිදා මේ නිවෙසට අදාළ හිමිකම් පත්‍රය ජගත් චමිලට ලබන බාරදීමට කටයුතු කරන බවද වීරවංශ මහතා කීය.මොරටුව සොයිසාපුරයේ අලුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයේ බිම් මහලේ පිහිටි මෙම නිවෙස චමිලට ලබාදෙන ලෙස වීරවංශ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද මේ අතර වාර්තා වේ.මේ නිවස ජගත්ට දෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බවද ඔහු පැවසීය.

ජගත් චමිල මහතාට හොඳම නළුවා සම්මානය හිමි වූයේ කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ප්‍රියංකර විතානච්චි මහතා විසින් අධ්‍යක්ෂණය කළ 'සැමීගේ කතාව' සිනමාපටය සඳහාය.

වාස්ගේ බිරියට තරයේ අවවාද - Vaas’s wife warned by Magistrate

විමර්ශනවලට බලපෑම් එපා
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට කිසිම අයුරකින් බලපෑම් නොකරන ලෙසත් සාක්කිකරුවන්ට තර්ජනය නොකරන ලෙසත් දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා ඊයේ (4) හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට තරයේ අවවාද කළේය. අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව කහවිලගමගේ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සිය නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (04) අධිකරණයට බාර විය.

සැකකරුවකුගේ බිරියකට දුරකථන ඇමතුම් 25ක් ලබාදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට මේ මස 9 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඉකුත් (23) වන දින මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කොට තිබිණ.පුද්ගලික හේතු මත එදිනට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව සඳහන් කරමින් ඇය ඊයේ (04) මෝසමක් අධිකරණයට ගොනු කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මෙහිදී සිය සේවාදායිකාව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ අජිත් පතිරණ මහතා පවසා සිටියේ අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියකට අනුව අද (04) දින මෝසමක් මඟින් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් පෙනී සිටින බවය.

වැස්‌සේ සින්දු කියමින් නැටූ වරදට පාකිස්‌තාන දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි

සම්ප්‍රදායික මුස්‌ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්‌සේ නැටූ වරදට පකිස්‌තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

උතුරු පකිස්‌තානයේ විලාස්‌ නගරයේ විශ්‍රාමික පොලිස්‌ නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්‌රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය ඉරිදා මොවුන්ගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක්‌ මේ දැරියන් දෙදෙනා හා ඔවුනගේ මවට වෙඩි තබා මරා දමා ඇත. පොලිසිය විශ්වාස කරන්නේ මොවුන් වැස්‌සේ නටන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය ජංගම දුරකථන හරහා ප්‍රසිද්ධ වීම මේ ඝාතනයට හේතුවක්‌ වන්නට ඇති බවයි.

මෙම දර්ශන මීට මාස හයකට පෙර වීඩියෝ ගත කර ඇති අතර මේ දැරියන් දෙදෙනා වැස්‌සේ සිනාසෙමින් සිය නිවස වටා දුවමින් නර්තනයේ යෙදී ඇත. මූලික පොලිස්‌ පරීක්‌ෂණ අනුව හෙළිවී ඇත්තේ මෙම පවුලේ ඥාති පුත්‍රයකු වන කුමොර් නමැත්තා මෙම වීඩියෝව තම පවුලට නිග්‍රහයක්‌ ලෙස සලකා මෙම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි. කෙසේ නමුත් පොලිසිය මේ වීඩියෝ දර්ශනයට එහා ගිය ප්‍රශ්නයක්‌ මේ ඝාතනය පිටුපස ඇත්දැයි සොයන බව පකිස්‌තාන ඩොන් පුවත්පත සොයයි.

සැමියාගේ පිරිමිකම අහිමිකල බිරිය දිවි ඇති තෙක් හිරේ - Woman Sentenced for cutting off husband's penis

තම හිටපු සැමියාගේ රසඟ කපා එය අපද්‍රව්‍ය විනාශ කරන යන්ත‍්‍රයකින් විනාශ කර දැමූ කාන්තාවක දිවි ඇති තෙක් සිරගත කිරීමට ඇමරිකාවේ ඔරෙන්ජ් ප‍්‍රාන්ත අධිකරණයක් විසින් නියෝග කර ඇත.

50 හැවිරිදි කැතරින් කීව් නැමැති කාන්තාවට මෙසේ සිරදඩවම් නියම වූ අතර ඇය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු පැහිදිලි කල ඇයගේ නීතිඥයා පැවසුයේ කුඩා කල සිදුවී ඇති ලිංගික හිංසනයන් හේතුවෙන් ඇය මෙම සාහසික කි‍්‍රයාව සිදු කිරීමට පෙලෙඹී ඇති බවයි.

කැතරින් විසින් පිරිමිකම අහිමි කල ඇයගේ හිටපු සැමියා වන ග්ලේන් පවසන්නේ අධිකරණය විසින් තම හිටපු භාර්යාවට දිර්ඝ සිරදඩුවමක් හිමිකර දීම ගැන තමන් සතුටු වන නමුත් තමන්ට අහිමිවූ දේ නැවත කිසිදිනෙක ලබාගත නොහැකි නිසා බලවත් සේ කම්පා වන බවත්ය.

Gossip Lanka Hot News Previous News Archive