පබෝධාට ප්‍රංශයේදී පුතෙක් ලැබිලා - Paboda Sandeepani

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි පබෝධා සන්දීපනී පසුගිය 4 වනදා ප්‍රංශයේ පුද්ගලික රෝහලකදී සිය කුළුඳුල් දරු උපත සිදු කළ බව ආරංචි වෙනවා. ඇයට ලැබුනේ පුතෙකු බවත් අපේක්ෂා කළ දිනයට වඩා සති තුනකට පමණ පෙර ඇය ප්‍රසූතිය සිදු කළ බවත් වාර්තා වනවා.පබෝධා සන්දීපනී ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහවී
සිටින්නේ කොට්ටාව ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු වන සිදත් සමගය.

ඇයගේ මව ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි ගීතා කාන්ති ජයකොඩි ලංකාවේ සිටියත් ඇගේ පියා සිටින්නේ ප්‍රංශයේය.දරුවා ලබන්නට ආසන්න කාලයේ පබෝධා ප්‍රංශයට ගිය අතර ලබන 24 වනදා දරුවා ලැබේ යයි සිතූ නිසා ඇගේ මව ගීතා කාන්ති එහි යන්නට දින යොදාගෙන තිබුනේ ඒ ආසන්නයේය.

කෙසේ නමුත් කල් ඇතිව දරුවා ලද නිසා එම අවස්ථාවට එක්වන්නට නොලැබුණත් ඇගේ මව ඇය බලන්නට දැන් ප්‍රංශයට ගොස් සිටී.පබෝධා දරුවාට මාස කිහිපයක් යනතුරුම ඒ රටේ කාලය ගත කරනු ඇති බවත් ඇය ලංකාවට එන්නට තවත් පමාවනු ඇති බවත් වාර්තා වනවා.
සබැදි පුවත් .1

බුද්ධගයාව තාවකාලිකව වැසෙයි

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සහ විහාරයට කිසිම හානියක්‌ නොවේ
ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානය අසල පුපුරා ගිය බෝම්බ ප‍්‍රහාර මාලවෙන් පසු එම සිද්ධස්ථානය තාවකාලිකව වසා දමා ඇත.ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාර ශ්‍රී ලාංකිකයින් හෝ බෞද්ධයින් ඉලක්ක කොට එල්ලවුවක් නොවන බවට තොරතුරු වාර්තාවී ඇති නමුත්, සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන ඉදිරි සතිය තුල ඉන්දියාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙරට ජනතාවට දැනුම් දී සිටී.

මේ අතර සිදු වූ බෝම්බ පිපුරුම් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට දැනුම්දී තිබේ.මෙම, පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහාම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රීයාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද(07) උදැසන සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලත්එක් භික්ෂූන් වහන්සේ නමක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හෝ බෞද්ධාගමික පුජනීය වස්තුවකට හානියක් සිදුව නොමැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

කාගෙවත් දෙතොල් මං සිප ගන්නේ නෑ - Nirosha Perera


මොනවද නිරෝෂා අලුත් වැඩ?
'සෙවණැලි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා.

'එකමත් එක රටෙක චිත්‍රපටයේ වගේ චරිතයක්ද?

අපෝ නෑ. හෙවණැලි' චිත්‍රපටයේ හැම දර්ශනයකම මං ඉන්නවා. වැඩිහිටියන්ට පමණයි දර්ශන මුකුත්ම නෑ.

ඔයා චිත්‍රපටවල ආයිත් රඟපාන්නේ නෑ කිව්වනෙ?
එහෙම තීරණයක් නෑ.Script එකත් හොඳයි.රඟපාන්න වෙලාවකුත් තිබුණා. ඒක හොඳ කලාත්මක චිත්‍රපටයක්.

ඔයාගේ Niro with star programme එක දැන් කාගෙත් කතාබහට ලක්වෙලා නේද ?
ඔව්. ජනප්‍රියයි.
 
ඒත් සමහර අය බනිනව නේද?
එහෙම කවුරුත් මට බැනලා නෑ. ඇයි මට බනින්නේ.

බුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම් - Nine blasts in Mahabodhi temple in Bihar

ඉන්දියාවේ බුද්ධගයා දිස්ත්‍රික්කයේ මහාබෝධි විහාරය ආශ්‍රිතව බෝම්බ කිහිපයක් පුපුරාගොස් තිබේ.ඉන්දීය මාධ්‍ය පවසන්නේ එරට වේලාවෙන් අද පෙරවරු 5.15ට පමණ පිපිරීම් සිදුව ඇති බවයි.බෝම්බ පිපුරුම් 9ක් පමණ සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් බෞද්ධ හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා ඇත.

අදාළ හිමිනම ටිබෙට් ජාතිකයෙකු වන බව වාර්තා වේ.ඉන්දීය බලධාරීන් පවසන්නේ පිපුරුම්වලින් බුද්ධගයා විහාරස්ථානයේ ගොඩනැගිලිවලට හානී සිදුව නොමැති බවයි.පුපුරාගිය බෝම්බ ප්‍රබලතාවයෙන් අඩු බෝම්බ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කළේ තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.මේ ගැන ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සොයා බලන බවද හෙතෙම කීවේය.මේ අතර මෙම ප්‍රහාරය බෞද්ධයින් හා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉලක්ක කර සිදුකළ එකක් නොවන බව ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලාංකික මහකොමසාරිස්වරයා පවසන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නළුවෙක් සැමියෙක් කරගන්න හිතුවෙ නෑ - Ruwangi Rathnayake

• රුවංගි හැඩකාරියක්ද, දඟකාරියක්ද, විසේකාරියක්ද?
හැඩකාරියක්.

• ඒ කියන්නේ ඔබ විසේකාරියක් නෙවෙයිද?
නෑ....

• ගමේ පිපුණු මල කොළඹ මල් පෝච්චියකට වැටුණෙ කොහොමද?
අහම්බෙන්... රංගන කටයුතු නිසයි කොළඹට ආවෙ.... ඒ ආපු ගමන කොළඹම නැවතුණා.

• දැන් ගම අමතකද?
අනේ නෑ....

• එතකොට මුල?
ඒත් නෑ...

• නිළියක් වුණේ කාගේ වුවමනාවටද?
කවුරුත් කිව්වේ නෑ... මගේ කැමැත්තෙන් නිළියක් වුණා. ගෙදර අය ඒකට සහයෝගය දුන්නා.

සල්ලාල මහාචාර්යවරයාගෙ වෙබ් අඩවි සෙල්ලමේ මීළඟ ගොදුර ඔබද?

මහාචාර්යවරයා ස්‌කයිප් හරහා කෙල්ලන් දඩයම් කල හැටි

අමන්දා වෙනදාටත් වඩා උදේ‍යාගයකින් යුතුව පරිගණකය ඉදිරියේ වාඩි වූවාය. ඇයගේ දෙනෙත්හි රැඳී තිබුණේ දැඩි නොඉවසිලිමත් බවකි. කිසියම් සුවිශේෂී දෙයක් අපේක්ෂාවෙන් ඇය බලා සිටියාය. "කොහොමද අමන්දා" ඒ ඇය මෙතෙක් වේලා අපේක්ෂා කරන ලද ප්‍රේමාන්විත කට හඬය. ඒ හඬ ඇසෙත්ම අමන්දාගේ දෙතොල් අතර ඇදී ගියේ ප්‍රේමාන්විත මන්දහාසයකි.

"මම බලන් හිටියේ 9.00 වෙන්නේ කොයි වෙලාවෙද කියලා."
ඇය තම නොඉවසිලිමත් බව පිළිබද ස්කයිප් තාක්‍ෂණයෙන් තමා අමතන ස්වීඩනයෙහි සිටින තම නව පෙම්වතාට පැවැසුවාය. "හරි පැටියෝ දැන් ඉතින් මම ආවානේ" ඔහු ඇයව අස්වැසුවේය. ඇයව අස්වසන්නට වචන ගණන් නාස්ති කරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහුගේ එක් වචනයක් ඇසූ සැණින් අමන්දා ප්‍රේමයෙන් උද්දාමයට පත්වන බව ඔහු හොඳින් වටහාගෙන සිටියාය. මන්දා දැඩි සේ ඔහුට ආදරය කිරීමට පටන් ගෙන තිබුණාය.

ධනවත් පවුලක සාමාජිකාවක් වූ රූමත් අමන්දා කොළඹ පිහිටි පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළාය. අතීතයේදී ඇයට පෙම්වතුන් කිහිප දෙනකුම සිටියාය. එහෙත් එම ප්‍රේම කතාවලින් ඇය ලැබුවේ මානසික පීඩනයක් පමණි. එම නිසාම එම ප්‍රේම කතාවලට තිත තැබූ අමන්දා යළි ප්‍රේම නොකරමියි තමා වෙතම ස්වයං වාරණයක් දමාගෙන සිටියාය. එහෙත් එම වාරණයන් සිඳී බිඳී ගියේ ෆේස් බුක් මාර්ගයෙන් මාස 9කට පමණ පෙර හඳුනාගත් කඩවසම් පිරිමියකු නිසාය.

බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන්නන්ට වාසි තීන්දුවක්

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතන්නන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන තීන්දුවක් ආගමන සහ දේශපාලන රැකවරණ අයදුම්පත් සලකා බලන ඉහල අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පැමිණිලි පාර්ශ්වයේ නීතිවේදී අරුන් ගනනාතන්, ඒ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ආගමන සහ දේශපාලන රැකවරණ පිලිබඳ විශේෂ අධිකරණයේ තීන්දුව ප්‍රකාර, බ්‍රිතාන්‍යයේ රැකවරණ පතන ශ්‍රී ලාංකිකයන් අතරින් ආපසු යැවීම අන්තරායකාරී පුද්ගලයන් වර්ග කිරීමක් ද කෙරෙන බවයි.ඉහත කී අධිකරණ තීන්දුවට අනුව, එල්ටීටී සංවිධානයේ ක්‍රියාත්මක වූ පුද්ගලයන්, විදේශගතව හිඳිමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූවන් සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරන මාධ්‍යවේදීන් ආපසු එරටට යැවීම අනතුරුදායක පියවරකි.

එම අධිකරණ තීන්දුවට එරෙහිව යළි අභියාචනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර කාර්යාලය සතු බවත් ප්‍රකාශ වෙයි.

කොදෙව්වන්ට වැස්ස හරස් වෙයි: ඉන්දියාව පළමු ජය ලබයි

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (05) සමත් විය. කොදෙව් කණ්ඩායම ලකුණු 102කින් පරාජයට පත්කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ජය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවය.කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 7ක් දැවී ලකුණු 311ක් රැස්කළ අතර, එහිදී විරාත් කෝලි ලකුණු 102ක් ලබා ගත්තේය.

කොදෙව් ඉනිමේ දසවෙනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය තාවකාලිකව නතර කෙරිණ. ඒ වන විට කොදෙව්වන් කඩුලූ 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 56කි.අනතුරුව තරග තීරක ජෙෆ් ක්‍රෝව් කොදෙව් කණ්ඩායමට ඩක්වත් ලූයිස් න්‍යායට අනුව පන්දුවාර 39කදී ලකුණු 274ක ඉලක්කයක් ලබාදීමට තීරණය කළේය.එම ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 34ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 171ක් පමණි.ඉන්දියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං ආබාධයකට ලක්‌වීම මත සහ පළමු තරග දෙකම පරාජය වීම මත ඉන්දියානු කණ්‌ඩායමට එරට මාධ්‍ය වලින් විවේචන එල්ල වෙමින් තිබු මොහොතක ඊයේ තරගයේ වීරයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි නම්කෙරිණ.

Gossip Lanka Hot News Previous News Archive