බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී කෙදෙව් කණ්ඩායම ලකුණු 39කින් පරාජය කරමින් සිය තුන්වැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අළුයම සමත් විය.
ටි‍්‍රනිඩෑඞ්හී ක්වින්ස්පාර්ක් ඕවල් ක‍්‍රිඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 41කට සීමා කෙරිණ.පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 219ක් රැස්කල අතර, එහිදී කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 190කට සීමා කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා වේග පන්දු බලඇණිය සමත්විය.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩැරන් බ‍්‍රාවෝ ලකුණු 70ක් සහ ලෙන්ඩි සයිමන්ස් ලකුණු 67ක් රැස්කලේය.පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 කට කඩුලූ 04ක් දවා ගැනීමට සමත්විය.දෙවන පන්දුවාරයේදී ක‍්‍රිස්ගේල් එල්ල කළ පහරකින් පන්දු යවමින් සිටි නුවන් කුලසේකරගේ අතක ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමද විශේෂත්වයකි.