කෙල්ලක් ලැගුම්හලකට ඇදන්ගොස් කෙළෙසලා

තරුණියක් ලැගුම් හලකට බලහත්කාරයෙන් කැදවාගෙන ගොස් දුෂණය කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පැවසීය.අදාල තරුණියට පහර දී පසුව ඇයට අතවර කර ඇතැයිද පැවසේ.මෙසේ අතවරයට ලක්ව ඇත්තේ දංකොටුව - ගෝනාවිල පදිංචි 28 හැවිරිදි තරුණියකි.

සැකකරු මාදම්පේ - පට්ටියගම පදිංචි අයෙකි.අතවරයට පත් තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, පසුව මෙම සම්බන්ධය තරුණිය විසින්ම අතර මග නවතා දමා තිබේ.තරුණිය පසුගිය 07 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටින විට වෙන්නප්පුව, තෝප්පුව ප්‍රදේශයේදී සැකකරු විසින් ඇයව ඉන් බිමට බස්සවා ගෙන ඇත.

එම අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවු බහින් බස් වීමකින් පසුව සැකකරු විසින් තරුණියට අතින් පයින් පහර දී ඇත.අනතුරුව තෝප්පුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට තමන්ව බලහත්කාරයෙන් කැදවා ගෙන ගිය සැකකරු එහිදී තමන්ට අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පොලීසියට පවසා තිබේ.තරුණියගේ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත් තරුණිය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

හිජාබය තහනම් කරනු – Bodu Bala Sena

මුහුණ ආවරණය වී ඇති නිසා ත‍්‍රස්තවාදීන්ට සිය ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා යොදා ගැනීමට උපකාරයක් වන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් වන ‘හිජාබ්’ ඇඳුම තහනම් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩවත්තේ ඥනසාර හිමියෝ පවසන්නේ ත‍්‍රස්වාදීන් ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා එම ඇඳුම පාවිච්චි කරන බවයි.පාතාල නායකයෙකු වන මාමාස්මි ඝාතනය කිරීම පිළිබඳ ආරක්ෂක අංශවලට ස්තූති කරන බව ද කොළඹදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

තමන් ඉදිරියේ සිටින පුද්ගලයා කාන්තාවක් ද පිරිමියෙක්ද යන්න හඳුනාගැනීමේ ශුද්ධ අයිතියක් තිබෙන හෙයින් මෙම ඇඳුම මානව සමාජයේ පවතින තත්ත්වයන් ඉක්මවා යන්නක් බවද පැවසූ උන් වහන්සේ මෙම ඇඳුමට මුවා වී කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා හා මත් ද්‍රව්‍ය වෙළදාම අද වන විට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති අතර අනාගතයේ වාර්ගික ඝට්ටනයකට හේතු විය හාකි බව කියා සිටිති.

බුර්කා ඇඳුම තහනම් කිරීම මානව අයිතාවසිකම් උල්ලංඝනය කිරීමක් නොවන බව බෙල්ජියම අධිකරණය විසින් තීන්දු කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ බොහෝ රටවල මේ වන විටත් මෙම ඇඳුම තහනම් කර ඇති අතර ප්‍රංශයේ මෙම ඇඳුමින් සැරසීම යූරෝ 150 ක දඩයකට යටත් වන වරදක් බවත් ඉන් සැරසීමට කාන්තාවකට බල කිරීම යූරෝ 30000 ක දඩයකට යටත් වන වරදක් බවත් කියති.

සක්විති ස්ත්‍රී දූෂණ වරද පිළිගනී - Sakvithi Ranasinghe's Rape Case

 "දූෂණය කළ නිසා සක්විතිට කුමාරිව බඳින්න වුණාලූ, ක්ලාස් ආපු කුමාරිට හදි කළේ වයස 14 දීලූ"
මූල්‍ය වංචා චෝදනාව නිසා සිරගතව සිටිමින් හා බහු විවාහ නඩු වලට පෙනී සිටි ලංකාවේ නමගිය ටියුෂන් ව්‍යාපාරික සක්විති රණසිංහට එරෙහිව පැවති වෙනත් ස්ත්‍රී දූෂණ නඩුවකදී ඔහු තම බිරියව වයස 14දී දූෂණය කළ බව පිළිගත්තා.මෙම නඩුවේදී සක්විති හෙළි කරන ලද තොරතුරු අනුව ඔහුගේ බහු විවාහය මෙන්ම වත්මන් බිරිය බාලවයස්කාරියකව සිටියදී ඔහු අතින් කෙළෙසුණ බවද පිළිගත්තා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

සක්විති රණසිංහ පළමුවෙන්ම විවාහවී සිට ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සුභාෂිණී ද සිල්වා ආරියරත්න නමැති කාන්තාවක සමගය. ඔහු ඇය සමග විවාහවී සිටියේ සක්විති රණසිංහ ටියුෂන් ගුරුවරයෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කළ වකවානුවේය. සක්විති රණසිංහ අධිකරණයේදී හෙළි කර සිටියේ තමා ජනප්‍රිය වෙමින් පැවති ඒ කාලයේ ටියුෂන් පන්ති ගණනාවක් පැවැත්වූ බවත් ඒ කාලයේ ඉංග්‍රීසී ඉගැන්වීමට ගෘෘප් ක්ලාස් කළ බවත්ය.

වත්මන් බිරිය වන කුමාරි අනුරාධිනි එවැනි කණ්ඩායම් පන්තියකට පැමිණි සිසුවියක වූ බව ඔහු කියා සිටියා. තමාට කුමාරි ගැන ඒ කාලයේ සිතක් පහළවූ බව සක්විති කිව්වා.ඔහු ඇය සමග සම්බන්ධයක් පවත්වා ගෙන ගිය කාලයේ ඇය වයස 14 ක බාලවයස්කාරියකවී සිටි බව ඔහු හෙළි කළා.

බුද්ධගයා ප්‍රහාරයේ බෝම්බකරු අල්ලයි

මුජහදීන් ත්‍රස්තයෙක්; වයස 42යි; නම මලික්;
ලෝක බෞද්ධයා අති පූජනීය තත්තවයෙන් සලකනු ලබන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බුද්ධගයා මහාබෝධි විහාරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ මුජහදීන් ත්‍රස්ත සාමාජිකයා ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර බෙංගාල ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයා මුජහදීන් නමැති තහනම් ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයකු වන අතර ඔහු හතළිස් දෙවන වියේ පසුවෙයි. චූදිතයා අන්වර් හුසේන් මලික් නමින් හඳුන්වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.මේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු විධිමත් හා කඩිනම් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් ඉන්දීය රජය පත්කර ඇති අතර එරට ජාතික විමර්ශන ආයතනය සහ ජාතික ආරක්ෂක ඒකකය ඒකාබද්ධව මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මහිෂිණී කොළොන්නෙ මහත්මිය "දිනමිණ" ට පැවසුවාය.

බටහිර බෙංගාලයේ පිහිටි නාඩියා දිස්ත්‍රික්කයේදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ රුපියල් මිලියන 1.9 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ජය හිමිවෙයි - SL score win over West Indies in tri-series

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී කෙදෙව් කණ්ඩායම ලකුණු 39කින් පරාජය කරමින් සිය තුන්වැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අළුයම සමත් විය.


ටි‍්‍රනිඩෑඞ්හී ක්වින්ස්පාර්ක් ඕවල් ක‍්‍රිඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 41කට සීමා කෙරිණ.පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 219ක් රැස්කල අතර, එහිදී කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 190කට සීමා කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා වේග පන්දු බලඇණිය සමත්විය.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩැරන් බ‍්‍රාවෝ ලකුණු 70ක් සහ ලෙන්ඩි සයිමන්ස් ලකුණු 67ක් රැස්කලේය.පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 කට කඩුලූ 04ක් දවා ගැනීමට සමත්විය.දෙවන පන්දුවාරයේදී ක‍්‍රිස්ගේල් එල්ල කළ පහරකින් පන්දු යවමින් සිටි නුවන් කුලසේකරගේ අතක ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමද විශේෂත්වයකි.

අන්තරේ කැඳවුම්කරු, සංජීව බණ්ඩාර රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගේ ඇප කොනදේසි ඉවත් කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු ලබන 15වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.ඇප පිට සිටියදී ඔහු එම ඇප කොන්දේසි කඩ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් සමඟ උද්ඝෝෂණයක් පවත්වමින් රජයේ දේපළට අලාභහානි කළැයි ඔහුට එරෙහිව පොලීසිය උසාවියට මීට පෙර කරුණු දක්වා තිබිණි.

2012 වසරේ අගෝස්තු මස පැවති උද්ඝෝෂණයකදී පොදු දේපළවලට හානි කළේයැයි පවරා තිබූ නඩුවේදී යළි එවැන්නකට සහභාගි නොවීමේ කොන්දේසිය මත සංජීව බණ්ඩාර මහතාට අධිකරණය ඇප ලබා දී තිබුණි.
කෙසේ නමුත් සිසුන් පවසන්නේ පසුගිය 03දා සිදුකළ විරෝධතා පාගමන අවස්ථාවේදී කිසිඳු දේපලකට හානි සිදු නොකළ බවත් පොලීසිය බොරු චෝදනා ඉදිරිපත්කරමින් ඔහු සිරගත කළ බවත්ය. ‍පොලීසිය අධිකරණය නොමග යවා ඇතැයිද සිසූහු පවසති. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයේ කරුණු දක්වන බවත් එම සිසූහු අවධාරණය කරති.

සති 12කින් වෙනස් වු රිතික් රෝෂන්

ක්‍රිෂ් 3….ළඟදීම බොලිවුඩයෙන් රිදී තිරයට පා තබන අලුත්ම සුපිරි තරුවයි.කලු කබායක් හා කළු මුහුණු ආවරණයක් සහිත මේ සුපිරී වීරයාට කළ නොහැකි දෙයක් නොමැති තරම්.මේ සුපිරී වීරයාට පණ පොවන්නේ එවැන්ම සුපිරි තරුවක්.ඔහු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ.ඔහු තමයි රිතික් රෝෂන්..

මේ චිත්‍රපටය ආරම්භ කරන්න පටන් ගත්ත කාලේ රිතික්ට ලොකු ප්‍රශ්ණයකට මුහුණ පාන්න සිදුවුණා.ඒ තමයි මෙහි එන සුපිරි වීරයාගේ ඇඳුම රිතික්ට නොගැලපීම.එහෙම වුනේ ඒ වන විට රිතික් තම ශරීරය ගැන තරමක් නොසැලකිල්ලෙන් පසුවු නිසයි.කොහොම වුනත් වැඩේ අතඅරින්න බෑනේ.මේ වැඩේ පටන්ගන්නත් තිබුණේ බොහෝම ටික කාලයයි.අන්තිමේ රිතික් සිදුවුණා තමන්ගේ ශරීරය හදාගන්න විදේශීය පුහුණුකරුවෙකුගේ පිහිට පතන්න.රිතික් මේ කාර්යය භාර දුන්නේ Kris Gethin නම් පළපුරුදු පුහුණුකරුවෙකුටයි.

ක්‍රිස් හා රිතික් අන්තිමේදී වැඩේට බැස්සා.ක්‍රිස්ගේ ව්‍යායාම පිළිබඳව තියෙන පළපුරුද්දත්,රිතික්ගේ කැපවීමත් නිසා අඩු කාලයත් තුළ රිතික්ට ලස්සන සිරුරකට හිමිකම් කියන්න වාසනාව උදාවුණා.රිතික් හා ක්‍රිස් මේ වැඩේ කලේ සති 12ක් තරම් වු කෙටි කාලයක් තුළයි.චිත්‍රපටිය ආවට පස්සේ ඔයාලටත් බලන්න පුළුවන් රිතික්ගෙයි,ක්‍රිස්ගෙයි මහන්සියේ ප්‍රතිඵල.

අම්මාට ගෙල වැලලාගෙන මියයෑමට පුතා උදව්කරලා

මවගේ අනියම් සම්බන්ධතාවක් නිසා මව සමඟ උරණ වී නිතර අඬදබර කරන පුතකුගේ කෙනෙහිලිකම් ඉවසා දරාගත නොහැකිවූ වැන්දඹු මවක් තම නිවෙසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියයෑමට තැත් කළ අවස්ථාවේදී ඊට අනුබලදී නිවෙසේ ඉදිරිපස ‍දොර වසා මව මියයන තුරු නිවෙසේ රැකවල්ලා සිටි පුතකු තලවාකැලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (09) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ඒ. ඩී. සී. සම්පත් හේවාවසම් මහතා නියෝග කොට තිබේ.තලවාකැලේ ග්ලැන්මෝරා වත්තේ පදිංචිව සිටි නල්ලුසාමි ශාන්තිරාණි නමැති 46 හැවිරිදි දෙදරු වැන්දඹු මවක් මෙම සිද්ධියෙන් මියගොස් ඇති අතර එම වත්තේගම පදිංචි සෙල්ල‍ෙදාරේ කවිඅරයන් (20) නමැති විවාහක තරුණයකු මෙම සිද්ධියේ සැකකරු ලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

ඉකුත් 5දා සිදුව ඇති මෙම අවාසනාවන්ත සිද්ධිය වන අවස්ථාවේ එය දැනගෙන ඇති අසල්වැසියන් පිරිසක් ගෙල වැලලාගෙන මියයන්නට තැත් කරන කාන්තාව බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර සැකකාර පුතා කලහකාරී ලෙස හැසිරී ඊට ඉඩ නොදී නිවෙසේ ඉදිරිපස දොර වසා එහිවූ ඉස්තෝප්පු කාමරයේ රැකවල් ලාගෙන සිට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිකරගෙන තිබේ.

Gossip Lanka Hot News Previous News Archive