ඉන්දියා-ශ්‍රී ලංකා අවසන් තරගය අද

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා වූ තීරණාත්මක තරගයේදී ප්‍රසාද ලකුණද සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක ජයක්‌ වාර්තා කළ ප්‍රබල ඉන්දීය කණ්‌ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අද (11 දා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 7 ට ආරම්භ වේ.

ටි්‍රනිඩෑඩ්හි ක්‌වීන්ස්‌ පාක්‌ ඕවල් පිටියේ ඊයේ අලූයම අවසන් වූ අදාළ තරගයේ ජයත් සමග ප්‍රසාද ලකුණු 10 ක්‌ හිමිකරගත් ඉන්දීය කණ්‌ඩායම අදාළ සටහනේ පෙරමුණ පැමිණීමට සමත්වීම මත සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

දෙවැනි සහ තෙවැනි ස්‌ථානවල පසුවන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් තරග 4 කට සහභාගිවී ජයග්‍රහණ 2 බැගින් වාර්තා කර තිබුණද දළ ලකුණු ලබා ගැනීමේ වේගය සත්කාරක කොදෙව් පිලට වඩා(-0.383) වැඩි අගයක්‌ ශ්‍රී ලංකාව සතුවීම (0.348) මත අවසන් මහ තරග අවස්‌ථාව ශ්‍රී ලංකාවට හිමිවිය.

2013 මිස් ශ්‍රී ලංකා කිරුළ ඉරේෂා අසංකිට - Miss Sri Lanka 2013 Iresha Asanki

ඊයේ රාත්‍රී හිල්ටන් හෝටලයේ පැවති 2013 මිස් ශ්‍රී ලංකා අවසන් තරගයේදී රූපරාජිණිය ලෙස කිරුළ ලබාගන්නට ඉරේෂා අසංකි මෙනෙවිය සමත් වූවාය. ඒ අනුව මේ වසර අගදී පැවැත්වෙන මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරනු ඇත්තේ ඉරේෂාය.

රත්මලානේ පදිංචිකාරියක වන ඉරේෂා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුගිය වසරවල පැවති මිස් සෙලින්කෝ වීඅයිපී හා සුපර්මොඩල් ඉන්ටර් නැෂනල් තරගාවලී වලටද තරගාකාරියක ලෙස ඉදිරිපත්වූ ඉරේෂා නිරූපිකාවක ලෙස කටයුතු කරන්නීය.
 ඊයේ ඇය ජයග්‍රහණය කළ සියත-ලක්ස් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ෂාරොන්ටත් හිමි වුණා.ඉරේෂාගේ ඡායාරූප එකතුවක් පහතින්

දුම්රිය වර්ජනය අවසන් වෙද්දී බස් වර්ජනය ඇරැඹේ

දුම්රිය ශේ‍රණිගත එකමුතුව පසුගියදා (7දා) ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය ඊයේ (9දා) සවස අවසන් කිරීමත් සමඟ මේ වසරට අදාළ බස් ගාස්තු වැඩිවීම ලබා දෙන්නැයි රජයට බල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු ජූලි මස 1 වැනිදා ලබාදිය යුතුව තිබුණත් මේ වසරේ අදාළ ගාස්තුව නියමිත පරිදි ලබා නොදීම නිසා එම ප්‍රතිපත්තිය අහෝසි වන අතරම එය බස් කර්මාන්තයට විශාල හානියක් සිදුකරන බවයි.

බස් කර්මාන්තය රදා පවතින්නේ බස් ගාස්තු මත බව පෙන්වා දෙන ඒ මහතා මේ වසරට අදාළ බස් ගාස්තුව නීත්‍යනුකූලව ලබා ගැනීම සඳහා බලධාරීන්, අමාත්‍යවරුන් සමඟ කොතෙක් සාකච්ඡා කළද ඒ සියල්ල අසාර්ථක වූ බැවින් මෙලෙස වර්ජනයකට එළැඹීමට තීරණය කළ බවද සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාවට අද එන්නේ ගංකබර නායකයන් - Tissa Attanayake

 පිළිගත් නායකයන් කිසිවකු නෑ..
‘රාජපක්ෂ පාලනය යටතේ පිළිගත් ලෝක නායකයන් කිසිවකුත් නොපැමිණෙන ශ්‍රී ලංකාවට අද එන්නේ ගං කබරයන් වැනි නායකයන් පමණයි’ යයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මාතලේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිට ලෝකයේ පිළිගත් කිසිම රටකින් ඇරියුම් ලැබෙන්නේ නැතැයිද තිස්ස අත්තනායක මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.එක්සත් ජාතික පක්ෂ මාතලේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එජාප මහලේකම්වරයා එසේ පැවසීය. මාතලේ ආසන බලමණ්ඩල රැස්වීම එජාප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත අලූවිහාරේ මහතා විසින් සංවිධාන කර තිබුණි.

‘ආණ්ඩුවට දැන් ආධාර අවශ්‍ය නිසා ඔවුන් ආධාර හොයාගෙන අපි‍්‍රකානු මහාද්වීපයේ රටවලට ගියා. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ලකුණු දමා ගැනීම සඳහා ඒ රටවලට අපේ රටේ ජනතාවගේ බදු මුදල් ආධාර ලෙස දුන්නා. මෙහෙම විහිළු වැඩ ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ.

කෙල්ලක් ලැගුම්හලකට ඇදන්ගොස් කෙළෙසලා

තරුණියක් ලැගුම් හලකට බලහත්කාරයෙන් කැදවාගෙන ගොස් දුෂණය කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පැවසීය.අදාල තරුණියට පහර දී පසුව ඇයට අතවර කර ඇතැයිද පැවසේ.මෙසේ අතවරයට ලක්ව ඇත්තේ දංකොටුව - ගෝනාවිල පදිංචි 28 හැවිරිදි තරුණියකි.

සැකකරු මාදම්පේ - පට්ටියගම පදිංචි අයෙකි.අතවරයට පත් තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, පසුව මෙම සම්බන්ධය තරුණිය විසින්ම අතර මග නවතා දමා තිබේ.තරුණිය පසුගිය 07 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටින විට වෙන්නප්පුව, තෝප්පුව ප්‍රදේශයේදී සැකකරු විසින් ඇයව ඉන් බිමට බස්සවා ගෙන ඇත.

එම අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවු බහින් බස් වීමකින් පසුව සැකකරු විසින් තරුණියට අතින් පයින් පහර දී ඇත.අනතුරුව තෝප්පුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට තමන්ව බලහත්කාරයෙන් කැදවා ගෙන ගිය සැකකරු එහිදී තමන්ට අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පොලීසියට පවසා තිබේ.තරුණියගේ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත් තරුණිය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

හිජාබය තහනම් කරනු – Bodu Bala Sena

මුහුණ ආවරණය වී ඇති නිසා ත‍්‍රස්තවාදීන්ට සිය ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා යොදා ගැනීමට උපකාරයක් වන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් වන ‘හිජාබ්’ ඇඳුම තහනම් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩවත්තේ ඥනසාර හිමියෝ පවසන්නේ ත‍්‍රස්වාදීන් ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා එම ඇඳුම පාවිච්චි කරන බවයි.පාතාල නායකයෙකු වන මාමාස්මි ඝාතනය කිරීම පිළිබඳ ආරක්ෂක අංශවලට ස්තූති කරන බව ද කොළඹදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

තමන් ඉදිරියේ සිටින පුද්ගලයා කාන්තාවක් ද පිරිමියෙක්ද යන්න හඳුනාගැනීමේ ශුද්ධ අයිතියක් තිබෙන හෙයින් මෙම ඇඳුම මානව සමාජයේ පවතින තත්ත්වයන් ඉක්මවා යන්නක් බවද පැවසූ උන් වහන්සේ මෙම ඇඳුමට මුවා වී කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා හා මත් ද්‍රව්‍ය වෙළදාම අද වන විට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති අතර අනාගතයේ වාර්ගික ඝට්ටනයකට හේතු විය හාකි බව කියා සිටිති.

බුර්කා ඇඳුම තහනම් කිරීම මානව අයිතාවසිකම් උල්ලංඝනය කිරීමක් නොවන බව බෙල්ජියම අධිකරණය විසින් තීන්දු කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ බොහෝ රටවල මේ වන විටත් මෙම ඇඳුම තහනම් කර ඇති අතර ප්‍රංශයේ මෙම ඇඳුමින් සැරසීම යූරෝ 150 ක දඩයකට යටත් වන වරදක් බවත් ඉන් සැරසීමට කාන්තාවකට බල කිරීම යූරෝ 30000 ක දඩයකට යටත් වන වරදක් බවත් කියති.

සක්විති ස්ත්‍රී දූෂණ වරද පිළිගනී - Sakvithi Ranasinghe's Rape Case

 "දූෂණය කළ නිසා සක්විතිට කුමාරිව බඳින්න වුණාලූ, ක්ලාස් ආපු කුමාරිට හදි කළේ වයස 14 දීලූ"
මූල්‍ය වංචා චෝදනාව නිසා සිරගතව සිටිමින් හා බහු විවාහ නඩු වලට පෙනී සිටි ලංකාවේ නමගිය ටියුෂන් ව්‍යාපාරික සක්විති රණසිංහට එරෙහිව පැවති වෙනත් ස්ත්‍රී දූෂණ නඩුවකදී ඔහු තම බිරියව වයස 14දී දූෂණය කළ බව පිළිගත්තා.මෙම නඩුවේදී සක්විති හෙළි කරන ලද තොරතුරු අනුව ඔහුගේ බහු විවාහය මෙන්ම වත්මන් බිරිය බාලවයස්කාරියකව සිටියදී ඔහු අතින් කෙළෙසුණ බවද පිළිගත්තා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

සක්විති රණසිංහ පළමුවෙන්ම විවාහවී සිට ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සුභාෂිණී ද සිල්වා ආරියරත්න නමැති කාන්තාවක සමගය. ඔහු ඇය සමග විවාහවී සිටියේ සක්විති රණසිංහ ටියුෂන් ගුරුවරයෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කළ වකවානුවේය. සක්විති රණසිංහ අධිකරණයේදී හෙළි කර සිටියේ තමා ජනප්‍රිය වෙමින් පැවති ඒ කාලයේ ටියුෂන් පන්ති ගණනාවක් පැවැත්වූ බවත් ඒ කාලයේ ඉංග්‍රීසී ඉගැන්වීමට ගෘෘප් ක්ලාස් කළ බවත්ය.

වත්මන් බිරිය වන කුමාරි අනුරාධිනි එවැනි කණ්ඩායම් පන්තියකට පැමිණි සිසුවියක වූ බව ඔහු කියා සිටියා. තමාට කුමාරි ගැන ඒ කාලයේ සිතක් පහළවූ බව සක්විති කිව්වා.ඔහු ඇය සමග සම්බන්ධයක් පවත්වා ගෙන ගිය කාලයේ ඇය වයස 14 ක බාලවයස්කාරියකවී සිටි බව ඔහු හෙළි කළා.

බුද්ධගයා ප්‍රහාරයේ බෝම්බකරු අල්ලයි

මුජහදීන් ත්‍රස්තයෙක්; වයස 42යි; නම මලික්;
ලෝක බෞද්ධයා අති පූජනීය තත්තවයෙන් සලකනු ලබන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බුද්ධගයා මහාබෝධි විහාරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ මුජහදීන් ත්‍රස්ත සාමාජිකයා ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර බෙංගාල ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයා මුජහදීන් නමැති තහනම් ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයකු වන අතර ඔහු හතළිස් දෙවන වියේ පසුවෙයි. චූදිතයා අන්වර් හුසේන් මලික් නමින් හඳුන්වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.මේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු විධිමත් හා කඩිනම් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් ඉන්දීය රජය පත්කර ඇති අතර එරට ජාතික විමර්ශන ආයතනය සහ ජාතික ආරක්ෂක ඒකකය ඒකාබද්ධව මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මහිෂිණී කොළොන්නෙ මහත්මිය "දිනමිණ" ට පැවසුවාය.

බටහිර බෙංගාලයේ පිහිටි නාඩියා දිස්ත්‍රික්කයේදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ රුපියල් මිලියන 1.9 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බවද වාර්තා වෙයි.

Gossip Lanka Hot News Previous News Archive