රටෙන් පැන්න කේ.සුජීවා ඩුබායිවල - K Sujeewa

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේවන විට ඩුබායිහි වෙසෙන බව වාර්තා වේ.

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබිනි.පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනුවටලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසේ.

කෙසේවුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිනි.

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබීය.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ.

ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ශූරතාවය දිනයි

2010 වසරින් පසුව අවසන් තරගයකදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ අහිමිවිය.ඒ, කැරබියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීයාව හමුවේ එක් කඩුල්ලකින් පරාජය වීම හේතුවෙන් ය.

ට්‍රිනිඩැඩ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි.සිය 400 වන එක්දින තරගය ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 22 කට දැවි ගිය අතර සිය 77 වන අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර පන්දු 100 කදී ලකුණු 71 ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 48 රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 30 ක් තුළ දැවී යෑම විශේෂත්වයකි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 4 කදී කඩුලු 9 ක්දැවී ලකුණු 203 ක් රැස් කිරමින් නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.නායකත්වයේ ඉනිමක් ක්‍රිඩාකළ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 45 ක් රැස් කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ය.ඉන්දියාවට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු වාරය තුළ ලකුණු 15ක් රැස් කිරීමට අවශවූ අතර, ශමින්ද එරංග යැවූ එම පන්දුවාරයේදී දෝනී හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගන් ජය තහවුරු කිරීමට සමත්විය.

මූණ රවුම් ලස්සන හිනාවක් තියෙන කෙනෙක් පෙම්වතා කරගන්න කැමැතියි.... Maheshi Madushanka

මහේෂි නිළියක් වුණේ නිළි හීනය සැබෑ කරගන්නද?
නිළියක් වෙන්න හීනයක් නම් තිබුණෙ නැහැ. ඒත් චිත්‍රපට බලන්න හුරුවෙලා ඉන්නකොට නිළියක් වෙන්න ආශාවක් ඇතිවුණා. ඉතින් ඒ ආශාව ඉෂ්ට වුණා.

ඔබට මුලින්ම ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ චිත්‍රපට නිළියක් විදියට.
ඔව්, නමුත් මාව ප්‍රේක්ෂකයෝ අඳුනගන්නේ මුතුවරුසා ටෙලි නිර්මාණය හරහා. ඒ නිර්මාණයෙන් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා කියලා හිතනවා.

ඉගෙනීම් කටයුතුවලට තිත තියලද රංගන කටයුතුවල නියැළෙන්නේ?
ඉගෙනීම් කටයුතුවලින් බැහැර වෙලා නැහැ. නමුත් මගේ රංගන සහ නර්තන වැඩකටයුතු නිසා ඉගෙනීම් කටයුතුවලට යොමුවෙන්න අමාරුයි. මේ තියෙන වැඩකටයුතු ඉවර කරලා නීති ක්ෂේත්‍රය පැත්තට අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා.

එතකොට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
දැනට නම් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වෙයි.

අයියගෙ වැඩ වලට මං සම්බන්ධ නෑ - Damitha abeyratne

"හරිත වසන්තය" ආදායම් ක්‍රමය නිසා දමිතාගේ සොයුරා සැක පිට රිමාන්ඩ්
ප්‍රකට සිනමා හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්නගේ සොයුරා ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැකකෙරුන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට ඇගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න දන්වා සිටිනවා.

මෙම වංචාව නිසා ලක්ෂ 9 ක් අහිමිවූවෙකු පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු පසුගියදා දමිතාගේ සොයුරා රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරුනේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකිනි.කෙසේ වෙතත් දමිතා වාසය කරන බොරලැස්ගමුව නිවසේ යාබදව වාසය කරන ඇයගේ සොයුරු සංජයගේ කීමට ඇය එම පුවත්පත් දැන්වීම් වලට පෙනී සිට ඇත.හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියේ සංජය බණ්ඩාර අබේරත්න යන තම සොහොයුරාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කමක් නිසා බවත්, එය හුදෙක් හිතවත්කම මත මිසක් ගනුදෙනුවක් මත සිදුකරන ලද්දක් නොවන බවත් දමිතා පවසනවා.

එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත් වී නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද දමිතා පවසනවා.

මැර තර්ජනය මැද බස් වර්ජනය අකුළයි - Bus strike called off

විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තම සංගමය ආරම්භ කළ වැඩවර්ජනය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ වර්ජනය නවතන ලෙස පාර්ශ්ව කිහිපයකින් තර්ජන එල්ල වූ බවයි.මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ප‍්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ද අද බස් ධාවනය ඇණහිට තිබුණී.

ජූලි මස පළමුවැනි දිනට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කර තිබුණි.වර්ජනයේ නිරත තම සංගමයේ සාමාජිකයින්ට එල්ල වන බලපෑම් හේතුවෙන් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.එසේ වුවද තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කරන ලද.

 වර්ජනය නොතකා ධාවනයේ යෙදුණු බස් රථ කිහිපයකට ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.බේරුවල ප්‍රදේශයේ දී කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදී මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

නුසුදුසු පවුල් පසුබිමක් ඇති කතුන්ට රට රැකියාවලට යෑමට ඉඩ දෙන්නේ නෑ - ඇමැති ඩිලාන්

විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට නුසුදුසු පවුල් පසුබිමක් සහිත කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට කිසි විටෙකත් ඉඩලබා නොදෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

ගෘහපාලිකා සහයිකාවන් හා ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවන සියලූම කාන්තාවන්ගේ පවුල් පසුබිම විදේශ ගතවීමට සුදුසු වියයුතු බවද නව වැඩපිළිවෙළ එළඹෙන ජූලි 15 දා සිට ක්‍රියාත්මක වන බවද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

කාන්තාවන්ගේ පවුල් පසුබිම යටතේ කුඩාදරුවන් සිටීද, මව විදේශ ගත වීම හේතුවෙන් එම දරුවන්ට රැකවරණය, ආරක‍ෂාව, අධ්‍යාපනය හොඳින් ලබාදිය හැකිද යන්න මෙන්ම ස්වාමි පුරුෂයාගේ චර්යාව, ඥාතීන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් දරුවන් ලිංගික හිංසනයට ලක්වේද, සමස්ථයක් වශයෙන් මව විදේශ ගතවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටේද ආදී කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව පවසන ඇමැතිවරයා ඊට අමතරව අඩු වයස් කාන්තාවන්, රෝගී කාන්තාවන් විදේශ ගතවන්නේද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව කියාසිටී.ඊට අමතරව ගෘහාශ්‍රිත රැකියා සඳහා කාන්තාවන් විදේශ ගත වීම මඟින් පවුලේ ආර්ථීකය ඉහළ නැංවිය හැකි විම, ආදායම් ආරක‍්ෂාවීම, ස්වයං රැකියා සිදු කිරීමට ස්වාමියාට හෝ පවුලේ අයට හැකිද යන්න පිළිබඳවද කරුණු සොයා බලයි.

ඉන්දියා-ශ්‍රී ලංකා අවසන් තරගය අද

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා වූ තීරණාත්මක තරගයේදී ප්‍රසාද ලකුණද සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක ජයක්‌ වාර්තා කළ ප්‍රබල ඉන්දීය කණ්‌ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අද (11 දා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 7 ට ආරම්භ වේ.

ටි්‍රනිඩෑඩ්හි ක්‌වීන්ස්‌ පාක්‌ ඕවල් පිටියේ ඊයේ අලූයම අවසන් වූ අදාළ තරගයේ ජයත් සමග ප්‍රසාද ලකුණු 10 ක්‌ හිමිකරගත් ඉන්දීය කණ්‌ඩායම අදාළ සටහනේ පෙරමුණ පැමිණීමට සමත්වීම මත සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

දෙවැනි සහ තෙවැනි ස්‌ථානවල පසුවන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් තරග 4 කට සහභාගිවී ජයග්‍රහණ 2 බැගින් වාර්තා කර තිබුණද දළ ලකුණු ලබා ගැනීමේ වේගය සත්කාරක කොදෙව් පිලට වඩා(-0.383) වැඩි අගයක්‌ ශ්‍රී ලංකාව සතුවීම (0.348) මත අවසන් මහ තරග අවස්‌ථාව ශ්‍රී ලංකාවට හිමිවිය.

2013 මිස් ශ්‍රී ලංකා කිරුළ ඉරේෂා අසංකිට - Miss Sri Lanka 2013 Iresha Asanki

ඊයේ රාත්‍රී හිල්ටන් හෝටලයේ පැවති 2013 මිස් ශ්‍රී ලංකා අවසන් තරගයේදී රූපරාජිණිය ලෙස කිරුළ ලබාගන්නට ඉරේෂා අසංකි මෙනෙවිය සමත් වූවාය. ඒ අනුව මේ වසර අගදී පැවැත්වෙන මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරනු ඇත්තේ ඉරේෂාය.

රත්මලානේ පදිංචිකාරියක වන ඉරේෂා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුගිය වසරවල පැවති මිස් සෙලින්කෝ වීඅයිපී හා සුපර්මොඩල් ඉන්ටර් නැෂනල් තරගාවලී වලටද තරගාකාරියක ලෙස ඉදිරිපත්වූ ඉරේෂා නිරූපිකාවක ලෙස කටයුතු කරන්නීය.
 ඊයේ ඇය ජයග්‍රහණය කළ සියත-ලක්ස් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ෂාරොන්ටත් හිමි වුණා.ඉරේෂාගේ ඡායාරූප එකතුවක් පහතින්

Gossip Lanka Hot News Previous News Archive