කතරගමින් ඇල්ලූ උසම ගංජා ගස්‌

ලුණුගම්වෙහෙර වන උද්‍යානය ආසන්නයේ ඇති ගොස්‌ටුපාන නමින් හඳුන්වන ප්‍රදේශයේ තිබූ ගංජා හේනක්‌ ඊයේ (12 දා) දින උදෑසන කතරගම පොලිසිය විසින් වටලන ලදී.කතරගම පොලිස්‌ බල ප්‍රදේශයෙන් ඇල්ලූ උසින් වැඩිම ගංජා හේන මෙය බව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතා පැවසීය.

ගංජා ගසක උස අඩි 8 ක්‌ පමණ වූ අතර අක්‌කර 5 ක්‌ තුළ මෙම ගංජා වගාව සිදු කර තිබිණි. මෙම ගංජා හේන වටලන අවස්‌ථාවේ දී සැකකරුවන් තිදෙනකු පැනගොස්‌ ඇති අතර දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වී ඇත. වියළා ප්‍රවාහනය සඳහා සකස්‌ කළ ගංජා ගෝනි 25 ක්‌ මෙම හේනේ දී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ අය බව පොලිසිය පවසයි.

ගංජා හේන පොලිසිය විසින් විනාශ කරනු ලැබූ අතර ගංජාවල වටිනාකම ලක්‍ෂ 75 ක්‌ බව පොලිසිය පවසයි.කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක කපිල චන්ද්‍ර සිරි, පොලිස්‌ සැරයන් වන 44324 නීල්, 1535 ප්‍රේමලාල්, 45056 පියනන්ද, 71452 ඉන්දික, 74359 ප්‍රභාත්, 75855 ප්‍රේමතිලක, 88368 විඡේසූරිය, 89173 ජයලාල්, 75762 මහින්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ෆොන්සේකාට අනෝමාත් එපා වෙයි…

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයට අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරිමට මුලින් ගෙන තිබූ එකඟතාව බිඳහෙලීම හේතුවෙන් ෆොන්සේකා මහතාට සහාය දක්වන එජාප මන්ත‍්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තම බිරිඳ වයඹ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා ආකමැත්ත පළකිරීම, එම මන්ත‍්‍රීවරුන් පිරිසගේ විරෝධතාවට හේතුව වී තිබේ.

ෆොන්සේකා මහතාට සහාය දැක්වීම මත මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කර සිටින මෙම මන්ත‍්‍රීවරුන් පිරිසගේ මතය වී තිබෙන්නේ, වයඹ මහ ඇමති අපේක්ෂක ධූරයට ප‍්‍රබල අපේක්ෂකයෙකු ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කළහොත් පමණක් ප‍්‍රබල ජයග‍්‍රහණයක් වයඹින් ලබාගත හැකි බවයි. එමෙන්ම එයින් පක්ෂයට ඇති ජනමතය රටටම පෙන්වාදිය හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම මෙම මැතිවරණයට තනිව තරඟ කිරීමට ෆොන්සේකා මහතා ගෙන ඇති තීරණයටද දැඩිව විරෝධය පළකර ඇති මෙම මන්ත‍්‍රීවරුන් පිරිස, එසේ කිරීමෙන් අත්වන්නේ පරාජයක් බවද ඔහුට පෙන්වා දී ඇත.

රටෙන් පැන්න කේ.සුජීවා ඩුබායිවල - K Sujeewa

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේවන විට ඩුබායිහි වෙසෙන බව වාර්තා වේ.

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබිනි.පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනුවටලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසේ.

කෙසේවුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිනි.

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබීය.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ.

ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව ශූරතාවය දිනයි

2010 වසරින් පසුව අවසන් තරගයකදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ අහිමිවිය.ඒ, කැරබියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීයාව හමුවේ එක් කඩුල්ලකින් පරාජය වීම හේතුවෙන් ය.

ට්‍රිනිඩැඩ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි.සිය 400 වන එක්දින තරගය ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 22 කට දැවි ගිය අතර සිය 77 වන අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර පන්දු 100 කදී ලකුණු 71 ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 48 රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 30 ක් තුළ දැවී යෑම විශේෂත්වයකි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 4 කදී කඩුලු 9 ක්දැවී ලකුණු 203 ක් රැස් කිරමින් නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.නායකත්වයේ ඉනිමක් ක්‍රිඩාකළ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 45 ක් රැස් කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ය.ඉන්දියාවට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු වාරය තුළ ලකුණු 15ක් රැස් කිරීමට අවශවූ අතර, ශමින්ද එරංග යැවූ එම පන්දුවාරයේදී දෝනී හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගන් ජය තහවුරු කිරීමට සමත්විය.

මූණ රවුම් ලස්සන හිනාවක් තියෙන කෙනෙක් පෙම්වතා කරගන්න කැමැතියි.... Maheshi Madushanka

මහේෂි නිළියක් වුණේ නිළි හීනය සැබෑ කරගන්නද?
නිළියක් වෙන්න හීනයක් නම් තිබුණෙ නැහැ. ඒත් චිත්‍රපට බලන්න හුරුවෙලා ඉන්නකොට නිළියක් වෙන්න ආශාවක් ඇතිවුණා. ඉතින් ඒ ආශාව ඉෂ්ට වුණා.

ඔබට මුලින්ම ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ චිත්‍රපට නිළියක් විදියට.
ඔව්, නමුත් මාව ප්‍රේක්ෂකයෝ අඳුනගන්නේ මුතුවරුසා ටෙලි නිර්මාණය හරහා. ඒ නිර්මාණයෙන් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා කියලා හිතනවා.

ඉගෙනීම් කටයුතුවලට තිත තියලද රංගන කටයුතුවල නියැළෙන්නේ?
ඉගෙනීම් කටයුතුවලින් බැහැර වෙලා නැහැ. නමුත් මගේ රංගන සහ නර්තන වැඩකටයුතු නිසා ඉගෙනීම් කටයුතුවලට යොමුවෙන්න අමාරුයි. මේ තියෙන වැඩකටයුතු ඉවර කරලා නීති ක්ෂේත්‍රය පැත්තට අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා.

එතකොට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
දැනට නම් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වෙයි.

අයියගෙ වැඩ වලට මං සම්බන්ධ නෑ - Damitha abeyratne

"හරිත වසන්තය" ආදායම් ක්‍රමය නිසා දමිතාගේ සොයුරා සැක පිට රිමාන්ඩ්
ප්‍රකට සිනමා හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්නගේ සොයුරා ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැකකෙරුන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට ඇගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න දන්වා සිටිනවා.

මෙම වංචාව නිසා ලක්ෂ 9 ක් අහිමිවූවෙකු පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු පසුගියදා දමිතාගේ සොයුරා රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරුනේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකිනි.කෙසේ වෙතත් දමිතා වාසය කරන බොරලැස්ගමුව නිවසේ යාබදව වාසය කරන ඇයගේ සොයුරු සංජයගේ කීමට ඇය එම පුවත්පත් දැන්වීම් වලට පෙනී සිට ඇත.හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියේ සංජය බණ්ඩාර අබේරත්න යන තම සොහොයුරාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කමක් නිසා බවත්, එය හුදෙක් හිතවත්කම මත මිසක් ගනුදෙනුවක් මත සිදුකරන ලද්දක් නොවන බවත් දමිතා පවසනවා.

එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත් වී නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද දමිතා පවසනවා.

මැර තර්ජනය මැද බස් වර්ජනය අකුළයි - Bus strike called off

විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තම සංගමය ආරම්භ කළ වැඩවර්ජනය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ වර්ජනය නවතන ලෙස පාර්ශ්ව කිහිපයකින් තර්ජන එල්ල වූ බවයි.මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ප‍්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ද අද බස් ධාවනය ඇණහිට තිබුණී.

ජූලි මස පළමුවැනි දිනට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කර තිබුණි.වර්ජනයේ නිරත තම සංගමයේ සාමාජිකයින්ට එල්ල වන බලපෑම් හේතුවෙන් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.එසේ වුවද තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කරන ලද.

 වර්ජනය නොතකා ධාවනයේ යෙදුණු බස් රථ කිහිපයකට ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.බේරුවල ප්‍රදේශයේ දී කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදී මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

නුසුදුසු පවුල් පසුබිමක් ඇති කතුන්ට රට රැකියාවලට යෑමට ඉඩ දෙන්නේ නෑ - ඇමැති ඩිලාන්

විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට නුසුදුසු පවුල් පසුබිමක් සහිත කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට කිසි විටෙකත් ඉඩලබා නොදෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

ගෘහපාලිකා සහයිකාවන් හා ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවන සියලූම කාන්තාවන්ගේ පවුල් පසුබිම විදේශ ගතවීමට සුදුසු වියයුතු බවද නව වැඩපිළිවෙළ එළඹෙන ජූලි 15 දා සිට ක්‍රියාත්මක වන බවද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

කාන්තාවන්ගේ පවුල් පසුබිම යටතේ කුඩාදරුවන් සිටීද, මව විදේශ ගත වීම හේතුවෙන් එම දරුවන්ට රැකවරණය, ආරක‍ෂාව, අධ්‍යාපනය හොඳින් ලබාදිය හැකිද යන්න මෙන්ම ස්වාමි පුරුෂයාගේ චර්යාව, ඥාතීන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් දරුවන් ලිංගික හිංසනයට ලක්වේද, සමස්ථයක් වශයෙන් මව විදේශ ගතවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටේද ආදී කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව පවසන ඇමැතිවරයා ඊට අමතරව අඩු වයස් කාන්තාවන්, රෝගී කාන්තාවන් විදේශ ගතවන්නේද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව කියාසිටී.ඊට අමතරව ගෘහාශ්‍රිත රැකියා සඳහා කාන්තාවන් විදේශ ගත වීම මඟින් පවුලේ ආර්ථීකය ඉහළ නැංවිය හැකි විම, ආදායම් ආරක‍්ෂාවීම, ස්වයං රැකියා සිදු කිරීමට ස්වාමියාට හෝ පවුලේ අයට හැකිද යන්න පිළිබඳවද කරුණු සොයා බලයි.

Gossip Lanka Hot News Previous News Archive