මී වදය නිදාගන්න ඇද වතේ බැදලා

‘මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ’ කියලා තමයි දිඹුලාගල,කුඩාවැව ගම්මානයේ ඉන්න එස්.පුංචිහාමි මහත්මියලගේ ගෙදර උදවිය කියන්නේ. මොකද එයාලගේ සිරියහනේ තමයි අලි විසාලෙට මී වදයක් බැදලා තියෙන්නේ.

හරියටම කිව්වොත් ඔවුන් නිදාගන්න ඇද වතේ තමයි මේ මී වදය බැදලා තියෙන්නේ. පහුගිය අප්‍රේල් මාසෙ පසලොස්වක පෝය දවසේ මේ මී වදය බදින්න පටන් අරන් තියෙන්නේ. තවමත් මී වදේ හදන වැඩේ ඉවර නෑ. ටිකෙන් ටික,දවසින් දවස තමයි මී වදේට තව කාමර එහෙම එකතු කරන්නේ.අපොයි මේ මිනිස්සුන්ට මී මැස්සො අනින්නෙ එහෙම නැද්ද කියලනේ දැන් කවුරුත් අහන්නේ. නෑ.නෑ. එහෙම කිසි කරදරයක් නෑ මේ අයගෙන්. තමන්ගෙ පාඩුවෙ මී වදේ බැදගෙන ඉන්නවා මිසක් අහක ඉන්න මිනිස්සුන්ට අනින්න තරම් මේ අය නපුරු නෑ.

අනිත් එක ගෙදර අය නිදාගන්නෙත් මේ ඇදේමයි. ඒ අයගෙන් මේ අයටවත්,මේ අයගෙන් ඒ අයටවත් කිසිම හිංසාවක් මේ වෙනතුරු සිද්ධ වෙලා නෑ. දෙගොල්ලම ඉතාම සාමකාමීව කාලය ගත කරනවා.මේ මී වදයේ දිග අඩි 2ක් පමණ වෙනවා. අඩියක් පළලයි. ඇද වතේ පළලටම හරියන්න මී වදය බදියි කියලයි ගෙදර උදවිය නම් කියන්නේ. ඒ වගේම පුංචිහාමි මහත්මියගේ ගෙදර ඉස්සරහා තියෙන අඹ ගහෙත් මෙවැනිම මී වදයක් බැදලයි තියෙන්නේ.

ලංකාවේ සෑම විනාඩි 90කට වරක් ස්ත්‍රී දූෂණයක්

විනාඩි 90කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව 'අයිතීන් උදෙසා කාන්තාවෝ" සංවිධානය අනාවරණය කරයි. කාන්තා දූෂණ හා අතවර ඉහළ යන තැනට සමාජය පත්ව ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අකටයුතුකම් සඳහා රජයේ දේශපාලන අවසරය ලැබීම හේතුවෙන් බව එම සංවිධානයේ සම සභාපතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කළාය.

කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවැසූ ඇය ගෘහස්ථ හිංසන, ස්ත්‍රී දූෂණ හා අතවර සඳහා සුරාව, මත්පැන් භාවිතය ප්‍රධාන හේතුවක්ව තිබෙන බවත් දිවයිනේ සුරාසල් බොහෝ ගණනක හිමිකරුවන් වී ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන් වන බවත්ය.ගෙවුණු කාලය මුළුල්ලේ රටේ සිදුවූ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනක වගඋත්තරකරුවන් ප්‍රාදේශීය දේශපාලනඥයන් සිටියදී ඔවුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පැවතීම සමාජයට වන අසාධාරණයක් බවද පැවැසුවාය.

"රටේ අපරාධ රැල්ල ඉහළ යන තරමටම කාන්තාවන්ට සිදුවන අපරාධත් ඉහළ ගිහින් තියෙනවා. මේ වෙද්දි ගෘහස්ථ හිංසනය වසර දෙකකදී සියයට 20කින් ඉහළ ගොස් එය සියයට 80 ක් වෙලා. ගෘහස්ථ හිංසනයේ පස්වැනි තැනට එන්න ලංකාවට හැකිවෙලා තිබෙනවා. සෑම විනාඩි අනූවකටම වරක් කාන්තාවක් දූෂණයට ලක්වෙන තැනට මේ රට පත්වෙලා තිබෙන්නෙ රජයේ අනුග්‍රහය ලබන ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ වරදින්.

මම කැමැති අය දැන් බැඳලා - Sanoja Bibile

නිළියක් විතරක් නෙවෙයි, රූප සුන්දරියක්. දක්‍ෂ ක්‍රීඩිකාවක් වුණු සනෝජා බිබිලේ තාමත් තනිකඩ තාරකාවක්. පාළුව, තනිකම ගැන කතා කරන සනෝජා ඒ පාළුව, තනිකම දුරුකරගන්නත් කැමැත්තෙන් ඉන්නේ. ඇයට ගැලපෙන සහකරු හමුවේවිද? අපි එය අනාගතයට බාර කරමු.

ආදරය ගැන සනෝජාගේ මුල්ම මතකය කොහොමද?
මම මහනුවර උසස් බාලිකා විදුහලේ ඉගෙන ගන්න කාලෙ ධර්මරාජ විදුහලේ සිසුවෙක් එක්ක සුන්දර ආදර සම්බන්ධයක් තිබුණා. තද නීති මැද නේවාසිකාගාරයෙ හිටියත් ලියුම් ලියල යාළුවො අතේ යවනවා. නිතර හමුවෙන්න බැරි වුණත් හරිම සුන්දර පිවිතුරු ආදරයක් ඒ ආදරය. 

මුළු නුවරම දැනගෙන හිටියා අපේ සම්බන්ධය. ඒ නිසාම අම්මලගෙන් ගුටි කෑ වාර අනන්තයි. මුලින් ගෙදර ඉඳන් පාසල් ගියත් නේවාසිකාගාරයට දැම්මෙත් මේ සම්බන්ධෙ නවත්තන්නයි. මම රැකියාවට කොළඹ එනතුරු ඒ බැඳීම තිබුණා. ඒත් අන්තිමට මට හරියටම ඒ ආදරය තේරුම් ගන්න බැරි වුණ නිසාද මන්දාම මම එයින් මිදුණා. ඒක දෛවය. හැබැයි අපේ ආදරය විවාහයකින් කෙළවර වුණා නම් අද මම අසරණ වෙනවා. එයා වෙන කෙනෙක්ව විවාහ කරගෙන ඉඳල පිළිකාවකින් මැරුණා. දඟකාර මම මුලින්ම ආදරය කළ අහිංසක එයාව මට අදත් මතක් වෙනවා.

කොදෙව්වෙක්‌ ඇවිත් 'සඳාව' කැන්දන් යයි - Woman Cricketer Sandamali Wedding

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ 'ස' නමැති ආදර නාමයෙන් හඳුන්වන මැය ඉකුත් 11 වැනිදා කොදෙව් සහකරුවකු සමග අතිනත ගත්තාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම කොදෙව් දේශයේ තරග කරමින් සිටින අතරතුර ආරම්භ වූ මෙම පෙම් පටලැවිල්ල දැන් විවාහයකින් කෙළවර වී හමාරය. විශේෂත්වය වන්නේ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරිගණක විශ්ලේෂකයෙකි. පුහුණුකරුවෙකි.

2002 වසරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමට එක්‌ වූ 'සඳා' එක්‌දින ජාත්‍යන්තර තරග 53 කට සහභාගි වී ලකුණු 431 ක්‌ සහ කඩුලු 25 ක්‌ බිද දමා ඇති අතර ඉහළම ලකුණු සංඛ්‍යාව 74 කි. විවාහයත් සමග සිය ක්‍රිකට්‌ දිවියට නැවතීමේ ලකුණ තැබීමට බලාපොරොත්තු වන ඇය කොදෙව් දේශයෙන් හමුවූ සහකරුවා පිළිබඳව මෙසේ 'දිවයින' ක්‍රීඩා සංග්‍රහය සමග කථා බහක නිරතවිය.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ගහන්න ගිහිල්ල කොහොමද මෙහෙම සම්බන්ධයක්‌ ඇති වුණේ?

පිළිතුරු - 2011 අපි බටහිර ඉන්දීය කොදෙව් දූපතේ පැවැති තරගාවලියකට ගිය වෙලාවෙ තමයි මුලින්ම මේ සම්බන්ධයේ ආරම්භය ඇති වුණේ. එයා අහල තිබ්බ අපේ පරිගණක විශ්ලේෂකගෙන් මම ගැන.

රවි මාරුව ඔබේ ලග්නයට කොහොමද? Ravi Maruva

රවි කටකයට යෑම රටටත් සුබයි
ග්‍රහ මණ්‌ඩලයේ රජු වශයෙන් සැලකෙන්නා වූද අනෙකුත් සියලුම ග්‍රහයන්ට ස්‌වකීය ආලෝකය දෙමින් තම ආකර්ශනය හා අධිපති බව පතුරුවන්නා වූද සූර්යා හෙවත් රවි ග්‍රහයා ජුලි මස 16 වැනි අඟහරුවාදා කටක රාශියට මාරුවීමට නියමිතය. එවිට මෙතෙක්‌ පැවති මිථුන කෝණ මාසය නිම වේ. මංගල කටයුතුවලට අශුභ ඵලදායක වූ කෝණ මාසය නිමවීමෙන් සුබ නැකත් සෑදීමට තිබූ බාධාවක්‌ ඉවත් වේ.

ජුලි 16 වැනිදා පස්‌වරු 3.45 ට කටක රාශියේ පුනාවස නැකතේ හතර වන පාදයට හිරු මාරුව සිදුවන අතර එය කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකාව අයිති කේන්ද්‍රයේ හයවැන්න ද වන්නේය. රවි හයවැන්නේ ගමන් කරන කාලය සුබඵල උදාකරන බව ජ්‍යෙතිෂයේ නියමයකි.

කේන්ද්‍රයේ හයවැන්න සතුරන් හා රෝග පිළිබඳ කියෑවෙන භාවයයි. එබැවින් මේ ජුලි 17 අගෝස්‌තු 17 දින අතර මාසය තුළ රහස්‌ සතුරු කුමන්ත්‍රණ, ජනතා විරෝධී වැඩ කරන අය නීතියේ රැහැනට හසුවනු ඇත. එපමණක්‌ නොව අප රටට විරුද්ධව විවිධ ලෙස ක්‍රියාකරන විදේශීය බලවේග පරාජය කිරීමට ද ශක්‌තියක්‌ ලැබෙනවා ඇත. විදේශ සබඳතා ශක්‌තිමත් කර ගැනීමට කරුණු සැලසේ. තානාපති සේවාවන් වල පවතින දුර්වලතා නිවැරැදි කරගත හැකි වේ. මේ අතර මෙම කාලය ඇතුළත සෞඛ්‍ය අංශයේ ද කැපී පෙනෙන වර්ධනයක්‌ ඇතිවේ. රෝග නිවාරණය සඳහා කෙරෙන ව්‍යාපෘති සාර්ථක කරගත හැකි වේ.

කේ සුජීවා කටකතා ගැන කතා කරයි - K.Sujeewa Speaks About Rumours

ඉගිමරන තරු රෑන කෝ.. කියමින් ජනප්‍රිය වූ ගායිකා කේ.සුජීවා පිළිබඳ ඊයේ අප වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කර තිඛෙන ආරංචිය වැරදි එකක් බව බහරේන්හි සිට ගොසිප් ලංකා හොට් නිවුස් වෙත පණිවිඩයක් එවන කේ සුජීවා පවසනවා.
ඇය පිළිබඳ වෙබ් අඩවි කිහිපයක් මගින් පතුරා තිබුණ ආරංචිය වූයේ සම සුදු වන්නට ඖෂධයක් ලබාදී වංචා කළ නිසා ඇගේ නිවස ඖෂධ ලබාගත් පිරිසක් විසින් වටලා ඇති බවත් ඇය ඩුබායි වෙත පළාගොස් ඇති බවත්ය. පැමිණි පිරිසට ඇගේ සැමියා වන කැලුම් තමා අදාල ගනුදෙනුවලට සම්බන්ධයක් නැති බව පවසා ගැලවී තිබූ බවද එම ආරංචියේ දැක්වුණා. කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද  පුවත්වල පළවී තිබුණා.

කේ සුජීවා ගොසිප් ලංකා හොට් නිවුස් වෙත දන්වා සිටියේ තමා දැන් සිටින්නේ ඩුබායිහි නොව බහරේන්හි බවත් තමා ලංකාවේ පවත්වා යන ව්‍යාපාරය ආකාරයේ සිරුර සිහින්කිරීමේ හා සම පැහැපත් කරවීමේ මධ්‍යස්ථානයක් තමා ලබන ඔක්තෝබරයේ බහරේන්හි අරඹන්නට මේ දිනවල කටයුතු කරන බවත්ය. තමා ඩුබායි වලට පැනගිය බවට ආරංචිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් තම සැමියා වනකැලූම් ලංකාවේ සාමාන්‍ය පරිදි කටයුතු වල නිරතවෙමින් සිටින බවත් ඉදිරියේදී නිකුත් කරන්නට යන මියුසික් වීඩියෝවේ වැඩ තම ස්ටූඩියෝවේ සිට ඔහු සිදු කරන බවත්ය. එසේම තමා ලබන දෙසැම්බරයේ සැමියා සමග එක්ව සංදර්ශන පැවැත්වීමට සූදානමින් සිටින බවත් තලවතුගොඩ පිහිටි ඇගේ රූපලාවන්‍යාගාරය නවීන අංග එක්කර වැඩිදියුණු කරන්නට සූදානමින් සිටින බවත්ය.

කතරගමින් ඇල්ලූ උසම ගංජා ගස්‌

ලුණුගම්වෙහෙර වන උද්‍යානය ආසන්නයේ ඇති ගොස්‌ටුපාන නමින් හඳුන්වන ප්‍රදේශයේ තිබූ ගංජා හේනක්‌ ඊයේ (12 දා) දින උදෑසන කතරගම පොලිසිය විසින් වටලන ලදී.කතරගම පොලිස්‌ බල ප්‍රදේශයෙන් ඇල්ලූ උසින් වැඩිම ගංජා හේන මෙය බව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතා පැවසීය.

ගංජා ගසක උස අඩි 8 ක්‌ පමණ වූ අතර අක්‌කර 5 ක්‌ තුළ මෙම ගංජා වගාව සිදු කර තිබිණි. මෙම ගංජා හේන වටලන අවස්‌ථාවේ දී සැකකරුවන් තිදෙනකු පැනගොස්‌ ඇති අතර දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වී ඇත. වියළා ප්‍රවාහනය සඳහා සකස්‌ කළ ගංජා ගෝනි 25 ක්‌ මෙම හේනේ දී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ අය බව පොලිසිය පවසයි.

ගංජා හේන පොලිසිය විසින් විනාශ කරනු ලැබූ අතර ගංජාවල වටිනාකම ලක්‍ෂ 75 ක්‌ බව පොලිසිය පවසයි.කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක කපිල චන්ද්‍ර සිරි, පොලිස්‌ සැරයන් වන 44324 නීල්, 1535 ප්‍රේමලාල්, 45056 පියනන්ද, 71452 ඉන්දික, 74359 ප්‍රභාත්, 75855 ප්‍රේමතිලක, 88368 විඡේසූරිය, 89173 ජයලාල්, 75762 මහින්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ෆොන්සේකාට අනෝමාත් එපා වෙයි…

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයට අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරිමට මුලින් ගෙන තිබූ එකඟතාව බිඳහෙලීම හේතුවෙන් ෆොන්සේකා මහතාට සහාය දක්වන එජාප මන්ත‍්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තම බිරිඳ වයඹ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා ආකමැත්ත පළකිරීම, එම මන්ත‍්‍රීවරුන් පිරිසගේ විරෝධතාවට හේතුව වී තිබේ.

ෆොන්සේකා මහතාට සහාය දැක්වීම මත මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කර සිටින මෙම මන්ත‍්‍රීවරුන් පිරිසගේ මතය වී තිබෙන්නේ, වයඹ මහ ඇමති අපේක්ෂක ධූරයට ප‍්‍රබල අපේක්ෂකයෙකු ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කළහොත් පමණක් ප‍්‍රබල ජයග‍්‍රහණයක් වයඹින් ලබාගත හැකි බවයි. එමෙන්ම එයින් පක්ෂයට ඇති ජනමතය රටටම පෙන්වාදිය හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම මෙම මැතිවරණයට තනිව තරඟ කිරීමට ෆොන්සේකා මහතා ගෙන ඇති තීරණයටද දැඩිව විරෝධය පළකර ඇති මෙම මන්ත‍්‍රීවරුන් පිරිස, එසේ කිරීමෙන් අත්වන්නේ පරාජයක් බවද ඔහුට පෙන්වා දී ඇත.

Gossip Lanka Hot News Previous News Archive