නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන් - Nadeesha Hemamali

නදීෂා හේමමාලි කැලෑ වැදිලා
නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදීවත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැහැ. නමුත් නුදුරු කාලයකදී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇය ගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව  දැක ගන්නට මෙන්ම, දැනගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා. ඊට පසුව හපුතලේ පැත්තෙ කිතල ඇල්ල, රත්මල්යාය ආරණ්‍යයේ භාවනායෝගීව සිටියා දින පහක් පමණ. මේ ඇය ඒ භාවනාවට ගිහින් ඉන්නද්දි ගත්ත ජායාරූප.

ජැක්සන්ගේ උපන්දින සැමරුම මව්වරුන් සමග - Jackson Anthony's Birth Day

"ජැකාගේ 55 සැමරුම"
ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ පනස් පස්වැනි උපන්දිනය සමරා ඇත්තේ හරි අපූරු අයුරකින් බව 'ගොසිප් ලංකා හොට් නිවුස්' වාර්තා වේ.

පසුගිය ජුලි 08 වැනිදාට යෙදී තිබූ ඔහුගේ අපන්දිනයදා ජැක්සන් කඳානේ සෙන්ට් වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසයේදී මව්වරුන් සමග එක්ව උපන්දිනය සමරා ඇත.කිසිදා උපන් දින සාදයක් පවත්වා නැති බව කියන ජැක්සන් තම මව ජීවතුන් අතර සිටින තෙක් ඇය සමග මේ දිනය ගත කර ඇති බවද පැවසේ.

ඇය මියගිය පසු ඇය වැනි මවුවරුන් පිරිසක් තෝරාගෙන ඔවුන් සමග මේ දිනය සමරන්නට සිතූ බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි

රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු ලැබේ. සිම්බාබ්වේ රෝහල මෙම ක්‍රමය භාවිතා කරන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑ ගැසීම අඩු කිරීමටය. ලෝකයේ රටවල විවිධ දූෂණ ගැන වාර්තා කරන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මේ ‍බව පසුගියදා වාර්තා කළේය. 

අප්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවලින් එකක් වන සිම්බාබ්වේ රටේ කෑ ගැසීමේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ කාන්තාවන්ට දරුවා ලැබුණ පසුවත් ගෙදර යාමට ඉඩ නොදෙන අතර මුදල ගෙවන තුරු ඇයවත්, දරුවාවත් රෝහලේ නවත්වා ගනු ලැබේ. මුදල් ගෙවන්නට පරක්කු වන්නට, වන්නට පොලියක්ද අය කරන්නේ ඉක්මනින් මුදල් පියවීම උනන්දු කරවීමටයි. දරු ප්‍රසූතිය සඳහා ඩොලර් 50 ක මුදලක් අය කෙරේ.

සිම්බාබ්වේ රටේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 150 පමණ වන අතර දරු ප්‍රසූතියේදී 10 වරක් වේදනාවෙන් කෑ ගැසූ කාන්තාවකට තම වාර්ෂික ආදායමෙන් 1/3 ක් කෑ ගැසීමේ ගාස්තු ගෙවීමට වියදම් කිරීමට සිදුවේ. සිබ්බාබ්වේ රැකියා වියුක්තිය 95% කි.

‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා

රජය හා හමුදාව අපකීර්තියට පත්වන අයුරින් නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ (ඉගිලෙන මාළුවෝ) චිත්‍රපටයට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි.

මේ චිත්‍රපටය නිපදවීමට හෝ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැති බවට අනාවරණය වී තිබේ. එහි ජවනිකා සඳහා යොදාගෙන ඇති හමුදා නිල ඇඳුම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව යොදාගෙන තිබීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.මේ තත්ත්වයන් පිළිබඳ සොයා බලා නිෂ්පාදක ඇතුළු චිත්‍රපටය පිළිබඳ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගනිමින් තිබේ.

'‍ෆ්ලයින් ෆිෂ්' චිත්‍රපටය ප්‍රංශ තානාපති කාර්යාලය සම්බන්ධ කර ගනිමින් නිපදවා ඇති අතර එසේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණද මෙරටදී එය ප්‍රදර්ශනය කිරීමට අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගත යුතු බව හුළුගල්ලේ මහතා අවධාරණය කළේය.ශ්‍රී ලාංකිකයෙකු වන සංජීව පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් චිත්‍රපටය නිපදවා තිබෙන අතර ජාත්‍යන්තරව එවැන්නක් නිපදවීමේ හා ප්‍රදර්ශනයේ හැකියාවක් තිබුණද මෙරටදී ඊට අවසරය ලබාගැනීම අනිවාර්යය වේ.

කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.මෙම අවධානම් තත්ත්වය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල දී පිරිමින්ට, කාන්තා හෝමෝනයක් වන ‘ඊස්ටජන්’හෝමෝනය අන්තර්ගත කළ ආහාරපාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණවලදී හෙලිව ඇත.

මෙම ආහාරපාන අතර චොකලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත්, ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවන බවත් ශුක්‍රාණු නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.මේවන විට පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවදානම් තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මේවන විට ගොදුරුවී ඇති බවත් සෞධ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී හෙලිදරව් වී තිබේ.

මෙම කිරිපිටි කිලෝ 02ක ටින් එකක් රුපියල් 6000ක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා...Photographer Who Captured His Own Death Video

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි.ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.
කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිඛෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.උදෑසන 6ට පමණ මිනිසෙක් ලේ තැවරුණු කැමරාවකුත් රැගෙන තම කාර්යාලයට පැමිණි බවත්, අපේ පුවත්පතේ කෙනෙක් වෙඩි පහරකින් තුවාල වී ඇති බව පැවසූ බවත් අහමඞ් සමීර්ගේ පුවත්පතේ කර්තෘ අහමඞ් අබූ පවසා තිඛෙනවා.

පසුව ගොඩනැගිල්ලක් උඩ ඡුායාරූප ගිනිමින් සිටි අමඞ්ගේ නළලට සෙබලෙක් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති පුවත ලැබුණු බව ඔහු පැවසුවා. සම්පූර්ණ සිද්ධියම මුල සිට අහමඞ්ගේ කැමරාවෙහි සටහන් වී ඇති බවත් ඔහු සදහන් කළා.එදින ඊජිප්තු ආරක්‍ෂක සෙබළුන්ගේ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 51 ක් මරුමුවට පත්වුනා. ත‍්‍රස්තවාදීන් පිරිසක් පහර දීමට උත්සහ කිරීමේදී වෙඩි තැබීම ආරම්භ කළ බවට හමුදාව නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

මේ වසරේ අර්ජුන් අයියයි මායි විවාහ වෙනවා - Ameesha Kavindi

ඉතිං කොහොමද සැප සනීප?
අලුත් ෆිල්ම් එකේ ප්‍රචාරණ කටයුතු කරනවා මේ දවස්වල.

මොකක්ද අලුත් ෆිල්ම් එක?
"ඉගිළෙන්න ඇයි දඟලන්නේ"

ඔබට හිමි වූයේ මොන වගේ චරිතයක්ද?
පාතාලයේ යුවතියන් කණ්ඩායමක නායිකාවකගේ චරිතය මම කරන්නේ.

ගොඩක් දරුණු චරිතයක්ද?
ඔව් ඇත්තටම.

සාමාන්‍ය ජීවිතයේත් එහෙමද?
අනේ නෑ. මම ගොඩක් අහිංසක තැන්පත් චරිතයක්. සැබෑ ජීවිතේ මම හොර බොරු වංචාව නැති චරිතයක්.

එංගලන්තයට සුද්දන්ට වඩා සංක‍්‍රමනිකයෝ හොද වෙලා

විදෙස් රටවල් වලින් එංගලන්තයට සංක‍්‍රමණය වුවන් එරට ආර්ථික දේහයට ලබාදෙන ශක්තිය එංගලන්තය තුළ උපන් පිරිසට වඩා වැඩි බව නවතම වාර්තාවකින් එළිදරවු වේ.ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව එංගලන්තයේ බැංකු, වාණිජ සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ රැකියාවේ නියුතු පිරිසෙන් 17% එංගලන්තයේ උපන් පිරිසෙන් වන විට 21%ක ප‍්‍රතිශතයක් එංගලන්තයට සංක‍්‍රමණය වූ විදේශිකයන් විසින් අත්පත් කරගෙන ඇත.

එමෙන්ම සංක‍්‍රමනිකයන්ගෙන් 38%ක ප‍්‍රතිශතයකට උපාධි හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත වන විට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ස්වදේශිකයන් සිටින්නේ 29%ක ප‍්‍රතිශතයකි.එමෙන්ම එංගලන්තයට සංක‍්‍රමණය වුවන්ගෙන් 90%කට ඉතාමත් හොදින් ඉංගි‍්‍රසි භාෂාව හැසිඑවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දේ.
ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සදහා වන සංවිධානය විසින් මෑතකදි නිකුත් කල වාර්තාවක් මගින්ද එංගලන්තයට සංක‍්‍රමණය වූවන් විසින් එරට තුලදී තමන් ලබාගන්නවාට වඩා වැඩියෙන් යමක් එංගලන්තයට ලබා දෙන බව සහතික කරන ලදි.

Gossip Lanka Hot News Previous News Archive