නදීෂා හේමමාලි කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදීවත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැහැ. නමුත් නුදුරු කාලයකදී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇය ගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප්‍රදේශයෙන්.
මේ 'විශ්නු සංක්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව දැක ගන්නට මෙන්ම, දැනගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.
කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා. ඊට පසුව හපුතලේ පැත්තෙ කිතල ඇල්ල, රත්මල්යාය ආරණ්‍යයේ භාවනායෝගීව සිටියා දින පහක් පමණ. මේ ඇය ඒ භාවනාවට ගිහින් ඉන්නද්දි ගත්ත ජායාරූප.