හය වසරේ ප්‍රශ්න පත්‍රය සමඟ උත්තරත් බෙදලා !

"උතුරු මැද අධ්‍යාපනයේ මහ අවුලක්"
-විභාග නවතී දරුවෝ ගෙදර යති-
උතුරුමැද පළාතේ රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ දෙවන වාර විභාගය සඳහා ඊයේ පැවැත්වීමට නියමිත ව තිබූ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාවලිය සමඟ උත්තර පත්‍රිකාව ද එකට මුද්‍රණය කොට බෙදාහැරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විභාගය නොපැවැත්වීමට තීන්දු කළ බලධරයන් පාසල් සිසුන් ආපසු හරවා යවා තිබේ.

හයවෙනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න හයට පිළිතුරු හතරවන පිටුවේ සඳහන් වී තිබීම නිසා ඊයේ (16) විභාගය නොපැවැත්වීය.

උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රජයේ මුද්‍රණාලයේ මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇති බව සඳහන් වන අතර පසුගිය කාලය පුරාම පාසල් වාර විභාග පැවැත්වීමේදී මෙවැනි දේ සිදු වූ බවත් ඒ පිළිබඳව පෙන්වා දුන් අයට දඬුවම්කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ බවත් ප්‍රශ්න පත්‍ර විසි දහසක් (20,000) පමණ මුද්‍රණය කර ඇති බවත් මේ ප්‍රශ්න පත්‍රවල සෝදුපත් බැලීමට නිලධාරින් කීපවරක් කොළඹ ගොස් ඇති බවත් මෙසේ මහජන මුදල් විනාශ කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සියලු රෝහල්වල අද හෙද හෙදි වර්ජන - Nurses call-off island-wide strike today

දිවයිනේ සියලු රෝහල්වල හෙද හෙදියන් අද (17 වැනිදා) පෙරවරු 7.00 සිට හෙට (18 වැනිදා) පෙරවරු 7.00 දක්‌වා පැය 24 ක සංකේත වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.ඒ අනුව අද දින දහවල් 11.15 ට ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම කියයි.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති 9000 කට පමණ ශ්‍රේණිගත උසස්‌වීම් ලබා නොදීම, හෙද උපාධිය ලැබූවන් වසර 2 ක්‌ තිස්‌සේ රාජ්‍ය හෙද සේවාවට බඳවා නොගැනීම, පළාත් සභාවලින් බඳවා ගැනීමට බලය පැවරූ 1779 ගැසට්‌ පත්‍රය අවලංගු නොකිරීම, හෙද විදුහල්වලට පෞද්ගලික අංශයේ හෙද සිසුන් ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය අවලංගු නොකිරීම, වැටුප් විෂමතා නිවැරැදි නොකිරීම, දීමනා විෂමතා නිවැරැදි නොකිරීම යන ඉල්ලීම් හා සේවා ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා මෙම සංකේත වර්ජනය හා විරෝධතා පාගමන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියයි.

මෙම වර්ජනය සඳහා කාසල් වීදියේ කාන්තා රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා රෝහල යන රෝහල් මානුෂීය හේතූන් මත එක්‌කර නොගන්නා බවත්, ජාතික රෝහල ඇතුළු ශික්‍ෂණ රෝහල්, මහ රෝහල් ඇතුළු අනෙකුත් සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද නිලධාරීන් එක්‌කර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන් - Nadeesha Hemamali

නදීෂා හේමමාලි කැලෑ වැදිලා
නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදීවත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැහැ. නමුත් නුදුරු කාලයකදී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇය ගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව  දැක ගන්නට මෙන්ම, දැනගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා. ඊට පසුව හපුතලේ පැත්තෙ කිතල ඇල්ල, රත්මල්යාය ආරණ්‍යයේ භාවනායෝගීව සිටියා දින පහක් පමණ. මේ ඇය ඒ භාවනාවට ගිහින් ඉන්නද්දි ගත්ත ජායාරූප.

ජැක්සන්ගේ උපන්දින සැමරුම මව්වරුන් සමග - Jackson Anthony's Birth Day

"ජැකාගේ 55 සැමරුම"
ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ පනස් පස්වැනි උපන්දිනය සමරා ඇත්තේ හරි අපූරු අයුරකින් බව 'ගොසිප් ලංකා හොට් නිවුස්' වාර්තා වේ.

පසුගිය ජුලි 08 වැනිදාට යෙදී තිබූ ඔහුගේ අපන්දිනයදා ජැක්සන් කඳානේ සෙන්ට් වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසයේදී මව්වරුන් සමග එක්ව උපන්දිනය සමරා ඇත.කිසිදා උපන් දින සාදයක් පවත්වා නැති බව කියන ජැක්සන් තම මව ජීවතුන් අතර සිටින තෙක් ඇය සමග මේ දිනය ගත කර ඇති බවද පැවසේ.

ඇය මියගිය පසු ඇය වැනි මවුවරුන් පිරිසක් තෝරාගෙන ඔවුන් සමග මේ දිනය සමරන්නට සිතූ බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි

රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු ලැබේ. සිම්බාබ්වේ රෝහල මෙම ක්‍රමය භාවිතා කරන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑ ගැසීම අඩු කිරීමටය. ලෝකයේ රටවල විවිධ දූෂණ ගැන වාර්තා කරන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මේ ‍බව පසුගියදා වාර්තා කළේය. 

අප්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවලින් එකක් වන සිම්බාබ්වේ රටේ කෑ ගැසීමේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ කාන්තාවන්ට දරුවා ලැබුණ පසුවත් ගෙදර යාමට ඉඩ නොදෙන අතර මුදල ගෙවන තුරු ඇයවත්, දරුවාවත් රෝහලේ නවත්වා ගනු ලැබේ. මුදල් ගෙවන්නට පරක්කු වන්නට, වන්නට පොලියක්ද අය කරන්නේ ඉක්මනින් මුදල් පියවීම උනන්දු කරවීමටයි. දරු ප්‍රසූතිය සඳහා ඩොලර් 50 ක මුදලක් අය කෙරේ.

සිම්බාබ්වේ රටේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 150 පමණ වන අතර දරු ප්‍රසූතියේදී 10 වරක් වේදනාවෙන් කෑ ගැසූ කාන්තාවකට තම වාර්ෂික ආදායමෙන් 1/3 ක් කෑ ගැසීමේ ගාස්තු ගෙවීමට වියදම් කිරීමට සිදුවේ. සිබ්බාබ්වේ රැකියා වියුක්තිය 95% කි.

‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා

රජය හා හමුදාව අපකීර්තියට පත්වන අයුරින් නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ (ඉගිලෙන මාළුවෝ) චිත්‍රපටයට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි.

මේ චිත්‍රපටය නිපදවීමට හෝ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැති බවට අනාවරණය වී තිබේ. එහි ජවනිකා සඳහා යොදාගෙන ඇති හමුදා නිල ඇඳුම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව යොදාගෙන තිබීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.මේ තත්ත්වයන් පිළිබඳ සොයා බලා නිෂ්පාදක ඇතුළු චිත්‍රපටය පිළිබඳ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගනිමින් තිබේ.

'‍ෆ්ලයින් ෆිෂ්' චිත්‍රපටය ප්‍රංශ තානාපති කාර්යාලය සම්බන්ධ කර ගනිමින් නිපදවා ඇති අතර එසේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණද මෙරටදී එය ප්‍රදර්ශනය කිරීමට අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගත යුතු බව හුළුගල්ලේ මහතා අවධාරණය කළේය.ශ්‍රී ලාංකිකයෙකු වන සංජීව පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් චිත්‍රපටය නිපදවා තිබෙන අතර ජාත්‍යන්තරව එවැන්නක් නිපදවීමේ හා ප්‍රදර්ශනයේ හැකියාවක් තිබුණද මෙරටදී ඊට අවසරය ලබාගැනීම අනිවාර්යය වේ.

කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.මෙම අවධානම් තත්ත්වය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල දී පිරිමින්ට, කාන්තා හෝමෝනයක් වන ‘ඊස්ටජන්’හෝමෝනය අන්තර්ගත කළ ආහාරපාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණවලදී හෙලිව ඇත.

මෙම ආහාරපාන අතර චොකලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත්, ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවන බවත් ශුක්‍රාණු නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.මේවන විට පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවදානම් තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මේවන විට ගොදුරුවී ඇති බවත් සෞධ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී හෙලිදරව් වී තිබේ.

මෙම කිරිපිටි කිලෝ 02ක ටින් එකක් රුපියල් 6000ක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා...Photographer Who Captured His Own Death Video

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි.ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.
කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිඛෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.උදෑසන 6ට පමණ මිනිසෙක් ලේ තැවරුණු කැමරාවකුත් රැගෙන තම කාර්යාලයට පැමිණි බවත්, අපේ පුවත්පතේ කෙනෙක් වෙඩි පහරකින් තුවාල වී ඇති බව පැවසූ බවත් අහමඞ් සමීර්ගේ පුවත්පතේ කර්තෘ අහමඞ් අබූ පවසා තිඛෙනවා.

පසුව ගොඩනැගිල්ලක් උඩ ඡුායාරූප ගිනිමින් සිටි අමඞ්ගේ නළලට සෙබලෙක් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති පුවත ලැබුණු බව ඔහු පැවසුවා. සම්පූර්ණ සිද්ධියම මුල සිට අහමඞ්ගේ කැමරාවෙහි සටහන් වී ඇති බවත් ඔහු සදහන් කළා.එදින ඊජිප්තු ආරක්‍ෂක සෙබළුන්ගේ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 51 ක් මරුමුවට පත්වුනා. ත‍්‍රස්තවාදීන් පිරිසක් පහර දීමට උත්සහ කිරීමේදී වෙඩි තැබීම ආරම්භ කළ බවට හමුදාව නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

Gossip Lanka Hot News Previous News Archive