හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් මත ජනප‍්‍රිය නිළියක් හා නර්තන ශිල්පිනියක් වන නිලන්ති ඩයස් ගේ සැමියා වන නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නැමැත්තාට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාවරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා වේ.
සැකකරු විසින් මෙලෙස වංචා කරන ලද මුදල මසකට රුපියල් 4,50,000 බැගින් මාස හයක් තුළ ගෙවීමට අධිකරණයේදී වූ පොරොන්දුව මත එහි වාරිකය ගෙවීම සඳහා නියමිතව තිබූ පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත්කර ඇත.සැකකාර ක්‍රිෂාන්ත රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහාර සිටි බවද පැවසේ.අදාල ඇපකරුවන්ටද අදිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.
විජේසිංහගේ නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නමැත්තා නො. 59/6 ඒ, වීරමාවත, කළල්ගොඩ පාර, පන්නිපිටිය යන ලිපිනයෙහි පදිංචිකරුවෙක් බවද අධිකරණයේදී හෙළිවිය.මෙහි පැමිණිලිකරු වූයේ නො. 68, ජේ. ටොරින්ටන් මහල් නිවාස, ටොරින්ටන් මාවත කොළඹ 5 ලිපිනයෙහි පදිංචි අත්තනායක මුදියන්සේලාගේ තිස්ස කුමාර අත්තනායක නමැත්තෙකි.පැමිණිලිකරු විසින් කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක අංක 9 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වනිගතුංග මහතා වෙත මෙම සිද්ධිය පැමිණිලි කර තිබූ අතර සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ජුනි මස 6 වැනිදාය.