දහතුන් හැවිරිදි දැරිය වරින්වර දූෂණය වෙලා !

වයස අවුරුදු 13 යි මාස 4ක් වූ බාල වයස්කාර දැරියක් ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගම, ආඩිඅම්බලම සහ කැකිරාව මානෑව ප්‍රදේශවලදී පස්දෙනකු විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගමදී මවුපියන්ගේ රැකවරණයේ සිටියදී ප්‍රථමයෙන්ම පියා විසින් අවුරුදු 12දී අපයෝජනය කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. මේ හේතු පදනම් කරගෙනම දෙදෙනා දික්කසාද වී වෙනත් විවාහ සිදුකරගෙන තිබේ. ඉන්පසුව අම්මාගේ දෙවැනි විවාහයේ නවාතැන වූ ආ¾ඩිඅම්බලම ප්‍රදේශයේ බෝඩිමක් තෝරාගෙන දැරියත් සමඟ ජීවත් වී ඇති අතර එහිදී වරින් වර අනියම් සැමියාගේ අතවරයටද මෙම දැරිය ලක්ව ඇත.

මව මෙම බාලවයස්කාර ලිංගික අපයෝජනය වසන්කර ගැනීමට දැරියව ඇගේ ලොකු අම්මා ජීවත්වන කැකිරාව මානෑව ප්‍රදේශයට ගෙනවිත් භාරදී තිබේ. ලොකු අම්මාගේ අයියලා දෙදෙනාගෙන් එක් අයකු වයස 24ක් වන විවාහක එක්දරු පියෙකි. අනෙක් අයියා 20 වැනි වියේ පසුවන්නෙකි. ගෙදර වැඩිහිටියන් නැති වෙලාවේ ඔවුන්ද මෙම බාලවයස්කාර දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදිලා

 "ලෝක විනාශයක් ළඟ එන බව ඔහු පවසයි"
ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. 

 ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.

ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.

නිලන්ති ඩයස් ගේ සැමියාට කාර් වංචාවකට වරෙන්තුවක් !

හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් මත ජනප‍්‍රිය නිළියක් හා නර්තන ශිල්පිනියක් වන නිලන්ති ඩයස් ගේ සැමියා වන නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නැමැත්තාට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාවරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා වේ.

සැකකරු විසින් මෙලෙස වංචා කරන ලද මුදල මසකට රුපියල් 4,50,000 බැගින් මාස හයක් තුළ ගෙවීමට අධිකරණයේදී වූ ‍පොරොන්දුව මත එහි වාරිකය ගෙවීම සඳහා නියමිතව තිබූ පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත්කර ඇත.සැකකාර ක්‍රිෂාන්ත රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහාර සිටි බවද පැවසේ.අදාල ඇපකරුවන්ටද අදිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

විජේසිංහගේ නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නමැත්තා නො. 59/6 ඒ, වීරමාවත, කළල්ගොඩ පාර, පන්නිපිටිය යන ලිපිනයෙහි පදිංචිකරුවෙක් බවද අධිකරණයේදී හෙළිවිය.මෙහි පැමිණිලිකරු වූයේ නො. 68, ජේ. ටොරින්ටන් මහල් නිවාස, ටොරින්ටන් මාවත කොළඹ 5 ලිපිනයෙහි පදිංචි අත්තනායක මුදියන්සේලාගේ තිස්ස කුමාර අත්තනායක නමැත්තෙකි.පැමිණිලිකරු විසින් කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක අංක 9 ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක වනිගතුංග මහතා වෙත මෙම සිද්ධිය පැමිණිලි කර තිබූ අතර සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ජුනි මස 6 වැනිදාය.

මුණුබුරන්ගේ විවාහදිනයේදීම සීයාත් විවාහ වෙයි

නවයොවුන් වියේ සිටින සිය මුණුබුරන් දෙදෙනෙකුගේ විවාහදිනයේදීම,තමාට වඩා 70වසරක් බාල මනාලියක් සමග නව විවාහ දිවියක් ආරම්භ කළ 92හැවිරිදි මිනිසෙකු පිළිබඳව ඉරාකයෙන් වාර්තා වේ.

 මුසාලි මොහොමඩ් අල් මුජාමේ නම් මෙම මිනිසාගේ මනාලිය පසුවන්නේ 22 වියේය. වසර 58ක් පුරාවට විවාහවී සිටි සිය පළමු බිරිඳගේ අභාවයෙන් තුන්වසරක් ගතවීමෙන් අනතුරුව මොහු මෙලෙස යළි යුගදිවියට පිවිස තිබේ.


සිය විවාහය,16හා 17වියේ පසුවන සිය මුණුබුරන්ගේ විවාහ සමග එකටම පැවත්වීම සම්බන්ධයෙන් ඔහු දැඩි සතුට පළ කර තිබේ. වයස 20ක කොල්ලෙක් වගේ මට හැඟෙනවා, යැයි ඔහු පවසා තිබේ.

මැන්ඩෙලාට '95' යි. තත්වය අසාධ්‍යයයි.. ඒත් ස්ථාවරයි!

ලෝක විප්ලවීය ඉතිහාසයේ නොනිමෙන ගිනිසිළුව, දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති  නෙල්සන් මැන්ඩෙලා මහතා අද දින සිය අනුපස් වැනි (95)උපන්දිනය සමරයි.

 ජෝහන්නස්බ'ග් පමණක් නොව මුළුමහත් ලෝකයම මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලබයි. පෙනහළු ආසාදනයක් හේතුවෙන් දැනට රෝහල්ගතව සිටින මැන්ඩෙලා මහතා පසුගිය සති කීපයේ සිටියේ දැඩි අසාධ්‍ය තත්වයකයි.

එහෙත් මේ වනවිට ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව මැන්ඩෙලා පවුලේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරතිබේ. ඔහුට උවටැන් කරන සාත්තුසේවිකාවක් අදහස් දක්වමින් කියාසිටියේ, "කියන්න සතුටුයි,මේ වන විට එතුමා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වනවා.වයසින් මහලු වුවත් ඔහු තාම ගැටවරයෙක් වගේ අකීකරුයි." දකුණු අප්‍රිකානු රජය නිල නිවේදනයකින් කියා සිටින්නේ මැන්ඩෙලා මහතා අසාධ්‍ය නමුත් ස්ථාවර තත්වයේ සිටින බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකවාසී සියළු ජනතාවගෙන් ඉල්ලා සිටියේ 'ජූලි 18', නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සමරුදිනය ලෙස සලකා, ඒ මහතා දකුණු අප්‍රිකානු නිදහස වෙනුවෙන් ලෝකයට ලබාදුන් මහඟු ආදර්ශයට සහ අනභිභවනීය මානුෂික මෙහෙවර ඇගැයීමට එක්වන ලෙසයි.

දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්‌ඩා මවක්‌ පැටවුන් 31 ක්‌ බිහි කරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇනකොණ්‌ඩා මවක විසින් ඊයේ (17 දා) උදේ ඇනකොණ්‌ඩා පැටවුන් 31 දෙනකු බිහිකර ඇත.මෙම ඇනකොණ්‌ඩා මව හා පිරිමි සතා 2003 වසරේදී සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක්‌ ජනරජයේ පින්ලන්ඩ් සිටි සත්වෝද්‍යානයෙන් ලැබී තිබේ.

මෙම යුවළ මේ වන විට සිව් වතාවක්‌ ඇනකොණ්‌ඩා පැටවුන් 50 කට අධික ප්‍රමාණයක්‌ බිහිකර ඇති අතර එම ඇනකොණ්‌ඩා පැටවුන් හොඳිsන් වැඩුණු පසු සත්ව හුවමාරු වැඩසටහන යටතේ ඉන්දියාව, පාකිස්‌තානය වැනි රටවල සත්වෝද්‍යාන සඳහා යවා තිබේ.මෙරට උපත ලබන ඇනකොණ්‌ඩා පැටවුන් සඳහා විදේශ රටවලින් හොඳ ඉල්ලුමක්‌ ඇතැයි ද වාර්තා වේ.

ඇනකොණ්‌ඩා මවක ඊයේ බිහිකරනු ලැබූ පැටවුන් 31 දෙනා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වේ.

අද ඉන්නේ ලැජ්ජ නැති සුපර් ස්ටාර්ලා - Priya Suriyasena

සුපර් ස්ටාර්ලා වන අය ලැජ්ජා නැති අය බව ජනප්‍රිය ගායක ප්‍රියා සූරියසේන කියයි.අනුන්ගේ ගීත ගායනා කරන සුපර් ස්ටාර්ලා ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඔබේ නව නිර්මාණ දැන් රසවිඳින්නට නොලැබෙන්නේ ඇයි ?

මම අලුත් නිර්මාණ නොකළේ නැහැ. මෑතකදී මම අලුත් ගීත 2-3ක් එළිදැක්වූවා, කුලරත්න ආරියවංශ, සුනිල් ආරියරත්න සහ රෝහණ හෙට්ටිආරච්චි ඒ ගීත රචනා කළේ. ඒ ගීතත් මගේ පැරණිම ගීත කිහිපයක් එකතු කරලා මම ළගදී සී.ඩී. තැටියකුත් නිකුත් කළා. ඒ ‘මල්සර හිනාව‘ නමින්.

කොහොමද ඒ ගීත එකතුවේ අලෙවිය ?

මුලින්ම නිකුත්කළ සී.ඩී. තොගය අලෙවි වුණා. මම ඒ සී.ඩී. තැටිය නැවත වරක් වෙළෙඳ‍පොළට නිකුත් කරන්නයි දැන් හිතාගෙන ඉන්නේ.

එංගලන්තයේ හොරෙන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවට - Lankan illegal workers nabbed in UK

නීති විරෝධී ලෙස විවිධ ආයතනයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත. එංගලන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආගමන බලාත්මක නිලධාරීන් පිරිසක් එරට බ්ලැක්පුල් හිදී සිදුකළ මෙහෙයුමක දී ආපනශාලා දෙකක සේවය කරමින් සිටි නීති විරෝධී සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වීසා කාලය ඉක්මවා වැඩ කරමින් සිටි වයස අවුරුදු 21 හා 22 අතර වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන අතර මේ සියලු දෙනාම එක්සත් රාජධානියෙන් පිටමන් කිරීම සදහා රඳවාගෙන ඇතැයිද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.නීති විරෝධී සංක්‍රමණිකයන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතන දෙකට සිවිල් නීති සංග්‍රහය යටතේ නොතිසි නිකුත් කිරීමට නියමිත අතර සේවයේ යෙදවීමට පෙර අවශ්‍ය කරන නීතිමය පරීක්ෂාවන් කළ බවට සාක්කි ඉදිරිපත් කිරීමට සේව්‍යයා අපොහොසත් වන්නේ නම් සේවයේ යෙදවූ සේවකයෙක් වෙනුවෙන් පවුම් 10,000 ක දඩයක් නියම කෙරේ.

නීති විරෝධී ලෙස සේවයේ යෙදවීමෙන් නීති විරෝධී සංක්‍රමණය දිරි ගැන්වෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙවැනි මෙහෙයුම් හරහා එවැනි ක්‍රියාවන් නවතන බවද ව්‍යාපාරිකයන් සිය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් කළයුතු බවද කියාසිටී.

Gossip Lanka Hot News Previous News Archive