ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අදින් ඇරැඹෙයි

එක්දින ක්‍රිකට් තරග බිමේ මෑතකදී ලත් පරාජයන් නිසා ලත් පසුබෑමෙන් මිදීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක් අද ආරම්භ කරයි. පළමු තරගය අද දිවා රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී.ඩි විලියර්ස් (දකුණේ) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තරගමාලාවේ කුසලානය සමග.එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේදී ඉවතට වීසි විය. එසේ වූයේ රටවල් අටක සහභාගිත්වයෙන් යුතුව පැවැති තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම් දෙකක් ලෙසින් පිළිගැනීමට ලක්ව සිටියදීය.

“අවසන් මොහොතේදී හුස්ම හිරකර ගන්නා කණ්ඩායමක්” ලෙසින් හැඳින්වෙන දකුණු අප්‍රිකාව එම කියමන නැවත වතාවක් සනාථ කරමින් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව ගැටුමේදී එංගලන්තයට පරාජය විය.

මව නැති එකොළහේ දැරිය දූෂණය කරලා !

දියණියට වයස අවුරුදු පහක් පමණ වන විට ඇගේ මව මියගියාය. පියාත්, අක්කාත් මෙම දියණියත් නිවෙසේ තනි විය. ටික කලකින් අක්කාද විවාහ වී නිවෙසින් බැහැර වූවාය. පියාත්, බාල දියණියත් පමණක් නිවෙස තුළ ජීවත් වූ අතර ඇය සපුගොඩ ප්‍රදේශයේ විද්‍යාලයකට අධ්‍යාපනය හැදෑරීමට ගියාය.

මේ අතරතුර අසල නිවෙසක අයෙක් ඔහුගේ බිරිය සමඟ අමනාප වී මෙම නිවෙසට පැමිණ ජීවත් වන්නට පටන් ගත්තේ දුරින් ඥාති සහෝදරයකුද වූ නිසාය. තිදෙනාම ඉතාමත් ළෙන්ගතුව එකම නිවෙසේ ජීවත් විය. දැරියට නෑකමට අසල්වැසියා ලොකු තාත්තා විය. ඔහු දැරියට තම දරුවකුට හා සමානව ආදරය කළේය. දැරියගේ පියා එදිනෙදා කුලී වැඩවලට ගියේය. ලොකු තාත්තා ඊට පසුව දෙහිවල ප්‍රදේශයේ පදිංචියට ගියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආරක්ෂක අංශයේ රැකියාවක් ලැබීම නිසාය.

මෙසේ කාලය ගෙවෙන විට 11 වියැති දැරිය පාසලේ සෙල්ලම් කරන අවස්ථාවේ බෝලයක් බඩේ වැදී බඩ රිදුම් දීමකින් රෝගී වීම නිසා ආඳපාන මූලික රෝහලට ඇතුළත් කළාය. එහිදී කළ පරීක්‍ෂණවලදී දැරිය කිසිවකු අතින් දූෂණයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය විය. රෝහල් බලධාරීන් කඹුරුපිටිය පොලිසියට වහාම පැමිණිල්ලක් කළේය.දැරිය කළ හෙළිදරව්ව අනුව ගෙදර නතරව සිටි ලොකු තාත්තා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඒ වනවිට ලොකු තාත්තා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත්තේය.

වසර දහයක්‌ම කැසිනෝ බද්ද නවතී!

කැසිනෝ ව්‍යාපාරයට අදාළ බදු වසර 10 ක කාලයක්‌ සඳහා ඉවත් කිරීමට රජය පෙරේදා (18 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊයේ (19 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දැක්‌වූ හර්ෂ ද සිල්වා මහතා කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු නිදහස දුන් එකම රට බවට ශ්‍රී ලංකාව ගිනස්‌ පොතට ඇතුළත් වන බවත් මේක ලෝක වාර්තාවක්‌ බවත් කීය.

ඡේම්ස්‌ පැකර් නමැති ලොව සිටින ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයාගෙන් කැසිනෝ බදු ඉවත් කර ගැනීමත්, දේශීය ව්‍යාපාරිකයාට බදු බර පැටවීමත් මහා අසාධාරණයක්‌.ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ හා මුදල් ඇමැතිගේ අනුමැතිය පරිදි මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. වගකිවයුතු විපක්‍ෂයක්‌ හැටියට අපි මීට එරෙහිව පියවර ගන්නවා"යෑයි ද මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කීය.

Angelo Mathews Wedding Photos


බොළඳ චරිත කරන්න මම දක්ෂයි - Ruwangi Rathnayake

රුවන්ගි මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ කොහොමද?
මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන්. එහිදී මට දෙවැනි ස්ථානය හිමි වුණා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒ අතරෙදිම ජාතික රූපවාහිනියේ නලින් මාපිටිගම මහතාගේ බිනරි නිර්මාණයට දායක වුණා.

ළඟදී සම්මානයක් ලැබුණා නේද? ඒ ගැන බලාපොරොත්තුවෙන්ද හිටියේ?
ඇත්තටම මම සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. ඒත් 'අහසින් වැටුණා' ටෙලි නාට්‍ය හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කළ හොඳ නිර්මාණයක් නිසා යම්කිසි ඇගැයීමක් තියෙයි කියලා විශ්වාසයක් ඇති වුණා. මම සම්මානයට නිර්දේශ වුණා කියලා දැනගත්තාම ඇත්තටම ගොඩන් සතුටු හිතුණා. සම්මානය ලැබුණාට පස්සේ ඊටත් වඩා සතුටු හිතුණා.

එහෙනම් ඔයාගේ ගාණ වැඩි කරලද?
සම්මානයක් ලැබුණා කියලා ගාණ අඩු කරනවා කියලා එකක් නැහැ. ඒත් මම අඩු ගාණට වැඩ භාරගන්නේ නෑ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එක දවසක් ෂූටින් ගියාම දවස් 2ක පමණ වැඩ කරන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන්ට ණය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මාස 3කට අදාළ ගෙවීම් පැහැර හරිමින් කටයුතු කර ඇතැයි අදාළ ක්‍රීඩකයෝ දැඩි කණස්‌සල පළ කරති. ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර පවතින කොන්ත්‍රාත්තුව මාර්තු මස -1 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෑම මාසයකටම අදාළ ගෙවීම් කෙරෙනු ඇත.

 එහෙත් මෙම වසරට අදළ ගෙවීම් සිදු කිරීමේදී එම කොන්ත්‍රාත් අත්සන් තැබීම මාස 4 කට ආසන්න කාලයක්‌ ප්‍රමාද වී ඇති අතර එම ගතවූ මාස 3 ට අදාළ මුදල් නොගෙවා ඉදිරි කාලසීමාවට අදාළ ගෙවීම් පමණක්‌ සිදුකරනු ලබන බව එම කොන්ත්‍රාත්තුවේ සඳහන් වී තිබේ. ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 21 දෙනාට මෙය පොදු නොවන අතර ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ඒ, සංවර්ධිත සංචිතය මෙන්ම දේශීය තරගාවලියේ දක්‍ෂතා දක්‌වනු ලබන ක්‍රීඩකයන් 70 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් අදාළ කප්පාදුවට මුහුණ දී තිබෙන බව සඳහන්ය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි එක්‌ ක්‍රීඩකයකු, මෙම වසර මුලදී බංල්ගාදේශ තරගාවලියට පෙර ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කරමින් කොන්ත්‍රාත්තුවෙහි අත්සන් ලබා ගැනීමට ක්‍රිකට්‌ බලධාරීන් පියවර ගැනීමෙහි යටි අරමුණ වූයේ අදාළ ඉදිරි කප්පාදුව බව සඳහන් කර සිටියේය. 

 ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතනය සමග සිදුකෙරෙනු ලබන කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදී ජාතික සංචිතයේ ක්‍රීඩකයන් අනුව යමින් අදාළ ගිවිසුම් අත්සන් කිරීම මීට පෙර සාමාන්‍ය සිරිත වුවත් මෙම වසරට අදාළ දේශීය මට්‌ටමේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා මට්‌ටමේ පවතින බව පවසමින් බලධාරීන් අදාළ කොන්ත්‍රාත්තුව කල් දැමීමට පියවර ගෙන තිබේ.

දහතුන් හැවිරිදි දැරිය වරින්වර දූෂණය වෙලා !

වයස අවුරුදු 13 යි මාස 4ක් වූ බාල වයස්කාර දැරියක් ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගම, ආඩිඅම්බලම සහ කැකිරාව මානෑව ප්‍රදේශවලදී පස්දෙනකු විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගමදී මවුපියන්ගේ රැකවරණයේ සිටියදී ප්‍රථමයෙන්ම පියා විසින් අවුරුදු 12දී අපයෝජනය කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. මේ හේතු පදනම් කරගෙනම දෙදෙනා දික්කසාද වී වෙනත් විවාහ සිදුකරගෙන තිබේ. ඉන්පසුව අම්මාගේ දෙවැනි විවාහයේ නවාතැන වූ ආ¾ඩිඅම්බලම ප්‍රදේශයේ බෝඩිමක් තෝරාගෙන දැරියත් සමඟ ජීවත් වී ඇති අතර එහිදී වරින් වර අනියම් සැමියාගේ අතවරයටද මෙම දැරිය ලක්ව ඇත.

මව මෙම බාලවයස්කාර ලිංගික අපයෝජනය වසන්කර ගැනීමට දැරියව ඇගේ ලොකු අම්මා ජීවත්වන කැකිරාව මානෑව ප්‍රදේශයට ගෙනවිත් භාරදී තිබේ. ලොකු අම්මාගේ අයියලා දෙදෙනාගෙන් එක් අයකු වයස 24ක් වන විවාහක එක්දරු පියෙකි. අනෙක් අයියා 20 වැනි වියේ පසුවන්නෙකි. ගෙදර වැඩිහිටියන් නැති වෙලාවේ ඔවුන්ද මෙම බාලවයස්කාර දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදිලා

 "ලෝක විනාශයක් ළඟ එන බව ඔහු පවසයි"
ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. 

 ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.

ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.

Gossip Lanka Hot News Previous News Archive