‘කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නෑ. මැරුවත් අපි බයවෙන්නේ නෑ’ යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමයෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ ඊයේ පස්වරුවේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ බොදු බල සේනා රැස්වීමක් අමතමිනි.
කදිනල්තුමාටත්, උලමා සභාවටත් මත් උවදුරට එරෙහි සටනට එක්වන්නැයි ආරාධනා කරමින් උන් වහන්සේ එහිදී මෙසේද කීහ.
‘කොලොන්නාව කුඩු පුරයක්. මේක නවත්තන්න ඕන. රට දැය විනාශකරන කුඩුවලින් අපේ දරුවෝ බේරගන්න ඕන.
මේ රටේ දරුවෝ, තරුණයෝ, වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය වලින්, මත්පැන් වලින්, දුම්වැටි වලින් රැකගෙන සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකරන්න බොදු බල සේනාව අදින් සටන පටන්ගන්නවා.
දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා කුඩු නවත්වනවා කියලා.දැන් පෙන්වන්න කුඩු ගෙන්වන්නේ කව්ද කියලා. හොරගල් අහුලන්න එපා. කව්ද කරන්නේ කියලා. කියන්න බය වෙන්න එපා.අපි පවුරක් වගේ ඔබත් සමග ඉන්නවා.
කුඩු කොළොන්නාවෙන් තුරන් කරන්න. කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නැහැ. අපි මැරුවත් අපි බයවෙන්නේ නැහැ. අපිව හෙට මැරුවත් මේ සටන නවත්වන්නේ නැහැ. මත් උවදුර, ත්‍රස්තවාදයටත් වැඩිය දරුණුයි. එනිසා කුඩුවලට එරෙහි සටන අද අපි පටන් ගන්නවා. මත් කුඩු ජාවාරම්කාරයෝ ඉදිරියේ දේශපාලකයෝ නිහඬයි. ආගමික නායකයෝ නිහඬයි. අපි වගේ බය නැහැ.