රණවිරු රියල් ස්‌ටාර් තුෂානිට උසස්‌ වීමක්‌

රණවිරු රියල් ස්‌ටාර් කිරුළ දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා තුෂානි පෙරේරා සැරයන් නිලය දක්‌වා ද්විත්ව උසස්‌ වීමක්‌ ලබාදී තිබේ.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ මත ඇයට ලබාදුන් එම ද්විත්ව උසස්‌වීම පෙරේදා (29 වැනිදා) සිට ක්‍රියාත්මක වේ.

යුද හමුදාවේ හා නාවික හමුදාවේ තරගකරුවන් සිව්දෙනකු සමග තරග කළ තුෂානි පෙරේරා ඉකුත් 27 දා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවති රණවිරු රියල් ස්‌ටාර් අවසන් මහ තරගයේදී පළමු ස්‌ථානය දිනා ගැනීමට සමත් වූවාය.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර අටක සේවා කලයක්‌ සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටි ඇය තරගාවලියේ කිරුළ හිමිකර ගැනීම නිසා මේ ද්විත්ව උසස්‌විම ලැබුවාය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගුවන් හමුදා මූලස්‌ථානයේදී සැරයන් තුෂානි පෙරේරා හට උසස්‌වීමේ ලිපිය ලබාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

දොළොස් හැවිරිදි දැරිය කෙළෙසූ පෙම්වතා දැලේ

වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර දැරියක මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 24 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පැහැර ගෙන ඇත්තේ කොස්වත්ත - මීගහවෙල පදිංචිව සිටි දැරියක බව මාරවිල පොලීසිය පවසයි.ඉකුත් 08 වැනි දින මෙම දැරිය තම මව සහ සහෝදරිය සමග මාරවිල මුලික රෝහලට පැමිණ ඇති බවත් , පසුව ඇය රෝහලේ ආපන ශාලාවට යන බව පවසා පිටත්ව ගොස් ඇතත් නැවත ආපසු පැමිණ නැති බවත් සඳහන්ය.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විට ඇගේ මව දැන ගෙන ඇත්තේ තම දියණිය තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයෙකු සමග පලාගොස් ඇති බවකි.ඒ අනුව 08 වැනි දින මව විසින් තම දියණියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.මේ අතර පසුගිය 28 වැනිදා දියණිය නැවත නිවසට පැමිණ ඇති බවත් , නිවසට පැමිණි දියණිය තම මවට පවසා ඇත්තේ මීගහවෙල ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරණ තරුණයෙකු සමග තමන් පලා ගිය බව හා පසුව දෙදෙනාම පොලොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී අඹු - සැමියන් ලෙස පසුගිය දින කීපය තුළ ජීවත් වු බවය.

‘පැකේජ ක‍්‍රමයට ගණිකා සේවය’ – සේමිණීගේ වෙබ් අඩවියේ දැන්වීමක්

පැකේජ් ක‍්‍රමයට තමන් ගණිකා වෘත්තියේ යෙදෙන බවටත් තවත් නවක නිළියන් කිහිප දෙනෙකුද මේ සදහා යොදා ගෙන ඇති බවටත් තම අපහැදිලි මුහුණ සහිත සේයාරුවක් ඇතුළු කොට සදහන් කරමින් එම දැන්වීම සකස් කර ඇතැයි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි සේමිණී ඉද්දමල්ගො විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් කොට තිබේ.

ඇයගේ වෙබ් අඩවියට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් විසින් පැකේජ් ක‍්‍රමයට ගණිකා වෘත්තියේ යෙදෙන්නේ යයි දැන්වීමක් පළ කර ඇති බවත් අදාල සැකකරු සොයා පරීක්‍ෂණ කරන බවත් අපාරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයටද දැනුම් දී තිබේ.

මේ සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇතැයි පැමිණිල්ලේ සදහන් කර ඇති අතර තම පවුල් ජීවිතයට විශාල ප‍්‍රශ්නයක් ඇති වී ඇති අතර තමන් විශාල මානසික ආතතියකටද ලක් වී ඇති බවද සදහන් කරයි.පැමිණිලිකාරිය තමන් මේ මානසික රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත් බවද සදහන් කර ඇත.

2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම් කාණ්ඩගත කෙරේ

2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන සහ අදාළ කණ්ඩායම් තරගවදින කාණ්ඩ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

 තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයයි. ” ඒ ” කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ බංග්ලාදේශය තරග වදිනවා. ‘‘ බී ’’ කාණ්ඩයෙන් තරග වදින්නේ දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් , අයර්ලන්තය සහ පකිස්තානය යන කණ්ඩායම්. 2015 වසරේ පෙබරවාරි 14 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කි‍්‍රස්චර්ච් හිදි පැවැත්වීමට නියමිතයි.

 අවසන් මහ තරගය මාර්තු 29 වැනිදා මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. දින 44ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 49ක්. ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයේ නගර 14ක තරග පැවැත්වීමට නියමිතයි. එම රටවල් දෙක ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක සත්කාරකත්වය දරන්නේ වසර 23කට පසුවීමද විශේෂත්වයක්.

මර්වින් මාධ්‍යට බොරු කියයි - මාලක දැඩිසත්කාර ඒකකයේ

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු යම් අසාධ්‍ය තත්වය පසුවන බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට එම රෝහලේ අදාළ දැඩිසත්කාර ඒකකය අසලත් අදාළ පහරදීම සිදුවූ වූ 'ඔඩෙල්' සාප්පු සංකීර්ණය අසලත් ප්‍රභූ ආරක්ෂක යින් මෙන්ම පොලිස් ආරක්ෂාව යොදා තිබේ.මාලක සිල්වාට පිහියක් වැනි තියුනු ආයුධයකින් පහරදී ඇති බවත් බෝතල් වලින් හිසට පහරදී ඇති බවත් පැවසේ.

කෙසේ නමුත්  ඊයේ (29 වැනිදා) රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයන්වලදී කියවුනේ ඇමති පුත්‍රයා ටිකට් කපා රෝහලෙන් පිටවගොස් ඇති බවයි. එම රෝහල අසලට පැමිණ සිටි මර්වින් සිල්වා ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පැවසූවේ " ඔයාලා මෙතන ඉන්නකොට මගේ පුතා පිටිපස්ස දොරෙන් ගෙදර යැව්වා. ඔයාලා දන්නෙත් නෑ. එයාට ප්‍රශ්නයක් නෑ" යනුවෙනි.ඔහුට පහර දුන් පිරිස WP - AI 5213 අංකය දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් ආබවත් බොහෝවිට ඔවුන් රාජ්‍ය ආරක්ෂක අංශයේ සාමාජිකයින් වියයුතු බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කුඩු බෙදා හැරිය අක්ක-මලෝ අත්අඩංගුවට

කොළඹ සිට පාදුක්ක, මීගොඩ, ගොඩගම හා ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් තොග වශයෙන් බෙදාහරිනු ලැබු එකම පවුලේ අක්කා හා මල්ලි රුපියල් ලක්ෂ දෙකක හෙරෙයින් ග්‍රෑම් 32ක් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී කළුඅග්ගල දී අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් වී ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකු හා සහෝදරියකි.

සැකකාරිය වසර දෙකයි මාස හයක කාලයක් සිරගතව සිට පසු ගිය මාර්තු මස ඇප මත මුදා හැර ඇති අතර, සැකකාරියගේ සැමියා මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටිය දී පසු ගිය දිනක එහි ඇති වු නොසන්සුන්තාවයක් හේතුවෙන් පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ හෙරොයින් පානය කරන ලද පුද්ගලයන් විසි දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහි දී එක් අයකුට රුපියල් දස දහස බැගින් දඩ මුදලක් ගෙවීමට සිදු කර ඇත . ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත ඔවුනට හෙරොයින් ලබා දෙන කාන්තාවක් මීගොඩ දී හෙරොයින් ග්‍රෑම් 2, මිලිග්‍රෑම් 800 ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් ව ඇත.

පුතාට ගහපු පින්වන්තයින් හොයනවා - Mervin Silva

අමාත්‍යවරයා සිය පුතාගේ සැපදුක් විමසීම සඳහා පැමිණ සිටින අයුරු...

පාදඩ බල්ලො ටිකක් පුතාට ගහලා… 
චණ්ඩි ඉන්නවනම් මට කියාපියවු මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ
තම පුත් මාලක සිල්වාට පාදඩ බල්ලන් ටිකක් වටකරගෙන පහර දී ඇති බවත් පුළුවන් චණ්ඩවෙක් ඉන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍ය මර්වින් සිල්වා ප‍්‍රසිද්ධ අභියෝයක් කරයි.මාලක් සිල්වා මහතාට ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත ඔඩෙල් රෙදිපිලි වෙළඳසැලේ රථ ගාලේදී කිසියම් කණ්ඩායමක් විසින් පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටී.

‘බියගුළු පාදඩ බල්ලො ටිකක් පුතා තනියම ගියාම ඔඩෙල් එකට වටකරල ගහල. උන්ට මං අභියෝග කරනව පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් මට දැනුම් දෙන්න. ඒක මම බේරගන්නම් මට පොලීසියක් ඕන නෑ.

මම මේ ගෙදර ෂෝටක් ගහගෙන හිටියේ. ඉන්න කොට පුතා කතා කරල කිවුව පුතා කතා කරල කිවුව තාත්තෙ මං ඔඩෙල් එකට තේ බොන්න ගියා. ඉතිං එයා තනියම යන්නෙ.

කොළඹ 'ඔඩෙල්' රථ ගාලේදී මර්වින්ගේ පුතාට වටකර පහර දෙති

මුහුණට හිසට බරපතල
තුවාල ලබා රෝහලේ අයිසීයූ එකේ
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඊයේ (29 වැනිදා) සවස 4.15 ට පමණ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකදී එල්ල වූ ප්‍රහාරයක්‌ හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.ඇඟලුම් ආයතනයේ පිටුපස රථගාලේදී සිදුවූ බහින්බස්‌වීමක්‌ අතරතුර පුද්ගලයන් දසදෙනකුගෙන් සමන්විත පිරිසක්‌ මාලක සිල්වා මහතා වටකර මෙම පහරදීම සිදුකර ඇත.

මාලක සිල්වා ඇඟලුම් ආයතනයෙන් එළියට පැමිණෙන විට
උඹද මාලක කියන්නේ.... ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න... වරෙන් යන්න.... කියා පහරදුන් පිරිස ඔහුව පැහැරගෙන යැමට උත්සාහ කර තිබේ.

එම අවස්‌ථාවේදී මාලක සිල්වා සහ පිරිස අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබේ. පසුව ඔහුව පැහැරගන යැමට පැමිණි පිරිස වතුර බෝතල්වලින්, සපත්තුවලින් හිසට හා මුහුණට දැඩි ලෙස පහරදී ඇත.පහර දීමට පැමිණි පුද්ගලයන් ඩිෙµන්ඩර් රථයකින් පැමිණ තිබෙන අතර, එම රථය ජනාධිපති ආරක්‍ෂක අංශයට අයත් වාහනයක අංකයකට සමානව ව්‍යාජ ලෙස සකසා තිබී ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.මෙම පහරදීමෙන් මාලක සිල්වා මහතාගේ මුහුණට සහ හිසට බරපතල තුවාල සිදුව තිබේ.

Gossip Lanka Hot News Previous News Archive