හමුදාව වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි

පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද(05) පුවත්පතකට ප්‍රකාශ කොට තිබේ.වැලිවේරිය සිදුවීම පිළිබඳ බොදුබල සේනාවේ නිහඬ පිළිවෙත ගැන පුවත්පත කළ විමසීමකදී උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට තිබේ.

මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.වැලිවේරිය ජනතාවට වෙඩි තැබීම සහ පාසල් දරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමසූ විට උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ "ජනතාව සාමකාමී ලෙස විසිරී ගියානම් වෙඩි තබන්නේ නෑ. ඒ නිසා සිදුවීම සම්බන්ධව හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට දෝෂාරෝපණය කරන්නේ නෑ"

ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.

බැක්ටීරියා අර්බුදයෙන් ෆොන්ටෙරා කොටස් වැටෙයි

ලොව විශාලතම කිරි නිෂ්පාදන අපනයනකරුවා වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ සමහර නිෂ්පාදනවල මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියාවක් ඇතැයි ලොවම කැළඹීමට පත්වීම හමුවේ නවසීලන්ත ඩොලරය සහ ෆොන්ටෙරා සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ෆොන්ටෙරා සමාගම පවසා තිබෙන්නේ චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සෞදි ආරාබිය යන රටවලට සමාගම විසින් අපනයන කළ සමහර නිෂ්පාදනවල ඇතුළත් නවසීලන්තයේ නිෂ්පාදිත කිරි ප්‍රෝටීන වලට මෙම හානිකර බැක්ටීරියාව ඇතුළු වී තිබෙන බවයි.

මිනිස් ශරීරයට අහිතකර මෙම බැක්ටීරියාව ඇතුළත්වූ කිරිපිටි අතර ළදරු කිරිපිටිද ඇතුළත් වනබව සඳහන් වන අතර චීනය හා රුසියාව විසින් සියළුම ෆොන්ටෙරා නිෂ්පාදන මේ වනවිට තහනම් කර තිබේ.මීට අමතරව, චීනය විසින් නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන සියළුම කිරිපිටි අත්හිටුවීමටද කටයුතු කර තිබෙන අතර මේ නිසා නවසීලන්ත ආර්ථිකයට මරු පහරක් වැදී තිබෙන බවද වාර්තා වේ.

'සිරි පැරකුම්' බලද්දී දැරිය දුෂණය වෙලා

සිනමා ශාලාවකදී බාල වයස්කාර දැරියක් දූෂණය වූවායි ලද පැමිණිල්ලකට අනුව ගම්පළ සිනමා හලක පෙම්වතුන් සඳහා ලබාදෙන කුටි (බොක්ස්) සියල්ලටම පේන ලෙස විවෘතව තැබිය යුතු යැයි පොලීසිය නියෝග කරයි.

ගම්පොළ වැලිගල්ල දැල්පිටිය ප්‍රදේශයේ මවකගෙන් ලද පැමිණිල්ලකට අනුව තම පාසල් යන දියණිය ගම්පොළ නගරයේ පිහිටි සිනමාහලකදී දූෂණය වී ඇතැයි ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණි.සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර තම පෙම්වතා තමාව දූෂණය කරන ලදැයි එම තරුණිය කටඋත්තර දී තිබීමෙන් පසු ගම්පොළ පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

බාල වයස්කාරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්කොට ඇති අතර 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.පො.අ. චූලනී වීරරත්න, ස.පො.අ. කපිල සෙනවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිනමාහල් පරීක්‍ෂා කොට මේ ආකාරයට පෙම්වතුන් සඳහා ලබාදෙන කුටිවල ප්‍රමිතිය සකස් කිරීමටත් සිනමාහල් නිතර පරීක්‍ෂා කිරීමට පියවර ගැනීමටත් කටයුතු යොදා තිබේ.

අකිලගේ අවමගුලට දහස් සංඛ්‍යාත පිරිසක් - Weliweriya Akila Dinesh's Funeral

බිමට ජලය ඉල්ලා සිටි වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය අකිල දිනේෂ් (18) පාසල් ශිෂ්‍යයාගේ අවමගුලට දහස් සංඛ්‍යාත ජනකායක් රොක් වී සිටියහ.අවමගුල් උත්සවයට පන් දහසත් හය දහසත් අතර පිරිසක් වැලිවේරිය සුසාන භූමීය අවට එක්වී සිටියේය.

ඔහුගේ මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.

යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ.සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි.

මාස පහක දැරිය දූෂණය කරලා !

මාස පහක් වයසැති දැරිය දූෂණය කළ බවට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කොටුව පොලිසියට නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 8 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙළේය. ජයසිරි පීරිස් සහ විතානආරච්චිගේ කුමාරසිරි යන සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඉකුත් ජුනි 22 වැනිදා කොටුව දුම්රියපොළ අසල වෙළෙඳසලක් ඉදිරිපිට තම මව සමඟ නිදාගෙන සිටි මාස පහක දැරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බවට මෙම සැකකරුවන් දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් දෙදෙනාගෙන් දැරිය දූෂණය කළ නියම සැකකරු හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණි.

වැලිවේරිය මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට - Weliweriya clash

දියපොදක්-මරණ තුනක්
Updates - පසුගිය 01 හමුදාව විසින් වැලිවේරියේදී එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ද මිය ගිය බව ය.මියගිය පුද්ගලයා 27 හැවිරිදි නිලන්ත නමැති අයකු වශයෙන් හඳුනාගෙන ඇත. මේවනවිට කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.

ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
........................................................................................................................................................
බීමට දිය පොදක් ඉල්ලූ තවත් සිසුවෙකු ජාතික රෝහලේදී මියයයි
රතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර හමුදා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ (03) රාත‍්‍රියේ මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.මියගොස් ඇත්තේ රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙකි.

දැන් දම්සාරි ෂෙරිල් නෙමෙයි නෙහාරා

 මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ-ෂෙරීල් ඩෙකර්
ස්වර්ණවාහිනියේ විකාශනය වන දම්සාරී ටෙලිනාට්‍යයෙහි දම්සාරී ලෙස රගපාන නව පරපුරේ ප්‍රසිද්ධ නිළියක වන ෂෙරීල් ඩෙකර්ව ඉවත් කරලලු. ඇයව එසේ ඉවත් කරන්න ප්‍රධාන හේතුවක් වුණේ ඇය දිගින් දිගටම අසනීප වීම නිසා රූගත කිරීම්වලට නොපැමිණීමත් එම නිසා සතියේ දින පහේම විකාශය වන දම්සාරී වැඩකටයුතු අඩාල වීමලු. අනෙක් කාරණය ඇය නාට්‍ය කණ්ඩායමට ලොකු වදයක් බවට පත් වෙලාලු.

 ඒ නිසා ඉන් ඉවත් කරන්න එහි නිෂ්පාදකවරුන්ට සිදුවුණාලු. ඇය මුලදී එකඟ වී තිඛෙන්නේ දිනකට රුපියල් හත්දහසක වැටුපකට කොටස් අටක් ර`ගපාන්නලු. නමුත් පසුව ඇය දිනකට රුපියල් දසදහසක දීමනාවක් ඉල්ලා බලකරමින් දිනකට කොටස් හතක පමණක් ර`ගපෑමට අවශ්‍ය බව එහි නිෂ්පාදකවරුන්ට කරදර කළාලු. ඇය සවස පහෙන් පස්සේ සෙට්එකේ ඉන්නේ නැතිව ගෙදර යනවලු. ඇයව ඉවත් කරන්න හේතුව මේ විදිහට කරදරකාරී චරිතයක් වීමලු.

මේ ආරංචිය ගැන විමසීමට අප ෂෙරීල් ඩෙකර්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. මේ කතාව ඇත්තද නැත්තද කියා ඇයගෙන් විමසුවා?

ඔය කතා ඔක්කොම බොරු. මාව ඒ අය ඉවත් කළේ නැහැ. මමයි දම්සාරී ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ. පසුගිය කාලේ මට ටිකක් වීස් එක හැදිල තිබුණා. දම්සාරී නාට්‍යයේ ප්‍රඩක්ෂන් මැනේජර් මට කතාකරල කිව්වා කොහොම හරි එන්න කියලා. ලෙඩවෙලා සිටියත් මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ. මේ සිදුවීම්වලට ස්වර්ණවාහිනියවත් බුද්ධික කුලසේකරවත් කිසිම සම්බන්ධයක් නැහැ.

අර්ජුන අයියත් එක්ක මිසක් වෙන කාඑක්කවත් අනුරාගයෙන් බැඳෙන්න මට බෑ - Ameesha Kavindi

ඉගිල්ලෙන්න ඇයි ඔච්චරටම දැඟලුවේ ?
ඉගිළෙන එක ඉතින් අමාරුනේ... තටුත් එපැයි...

ඉගිළෙන්න දඟලපු හැටියට නම් කලින් තිරයේ දැකපු අමීෂා නෙවෙයි හිටියේ?
ඔව්, සෑහෙන්න වෙනස්. චණ්ඩිත් එක්ක හරි හරියට සටන් වදින්න, වෙඩි තියන්න, ඔය චණ්ඩි පාට් ඔක්කොම ඉගෙන ගන්න වුණා.

කවුද චණ්ඩි පාට් ඉගැන්නුවේ?
අර්ජුන අයියා.

එයා ඔය හැටි චණ්ඩියෙක්ද?
අනේ නෑ. සාමාන්‍ය ජීවිතයේදී බොහොම සුන්දර සාමකාමී කෙනෙක්. හැබැයි අසාධාරණයේදී නම් ඉවසන්නේ නැතිව තරහ යනවා.

Gossip Lanka Hot News Previous News Archive