සමුගත් ජනප්රිය නළු විජය කුමාරතුංගගේ ඝාතනය සිදුවී අදට වසර 30 කි. ඔහු ජීවතුන් අතර සිටියා නම් දැන් වයස 72 කි. නමුත් ඔහු මියගියේ 42 දීය.
කලක් විජයගේ පෙම්වතිය බවට කතා පැතිරුණ ප්රවීණ නිළි මාලිනී ෆොන්සේකා මේ දක්වා විජය ගැන නොකී කතා රැසක් පුවත්පතකට හෙළි කර තිබේ.
එය පහත පරිදිය.
විජය මුලින්ම ඇස ගැටුණු දිනය මතකද?
පානදුරේදී... මේ දැස කුමටද ෂූටිං වලට ආපු පළමු දවසේ
තමයි මම විජයව දැක්කේ. ඒත් ඒ වෙද්දී විජය හන්තානේ කතාව රඟපාලා තිබුණේ. මම "හන්තානේ කතාව" බලලා තිබුණේ. ඒ කාලේ මගේ පෙම්වතාට රඟපාමින් හිටියේ ගාමිණී, ටෝනි, ජෝ අබේවික්රම වගේ අය. හන්තානේ කතාවේ විජයගේ රඟපෑම් ගැන මම මහා ලොකුවට හිතුවේ නෑ. පෙම්වතෙකු ලෙස රඟපාන්න පුලුවන් හොඳ නළුවෙක් කියලා හිතුනා. අනෙක ඉතින් මමත් ආපු අලුතනේ...