හොරු රට පනින්න හදති – බුද්ධි අංශ හෙළි කරයි


පසුගිය වසර කීපය තුළ මෙරට සිදුකළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වර්තමාන රජය සමඟ සමීපව කටයුතු කරන දූෂිත පුද්ගලයන් පිරිසක් හොර රහසේම රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මෙම දූෂිත ජාවාරම්කාරයන් මෙසේ රටින් පලා යෑමට උත්සාහ දරමින් සිටින්නේ වර්තමාන රජය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති නිසා බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි. පවතින දේශපාලන අර්බුදය හමුවේ වර්තමාන රජය වෙනස් වුවොත් මෙම ජාවාරම්කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා ඔවුන් මෙසේ රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස් ගමන් තහනම්


මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු කටයුත්තක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.ඒ, මහ බැංකු අධිපතිධුරය දැරූ සමයේ සිදුකළ බව කියන රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම නියෝග නිකුත් කළේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනුකළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

පාස්කු වින්දිතයන් වෙනුවෙන් වතිකානයේ විශේෂ දේව මෙහෙය


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද (25) වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ විශේෂ දිව්‍ය පුජාවක් පැවැත්වුණි.

මැයි මාසය මැද වෙන විට ආහාර හිඟයක්


මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත. 
 
විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු‍ රැසක් මැද ය.

Gossip Chat With actress Volga kalpani


මේ වෙනකොටත් අවුරුදු හතරක්ම මම තනිකඩයි
 දික්කසාද වුණාට සමාජයට බය නැහැ  - වොල්ගා කල්පනී
ජීවිතයට මොන විදිහේ හැලහැප්පීම් ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගැහැනියකට තියෙනවලූ. වොල්ගා කල්පනී කියන්නෙත් එහෙම කෙනෙක්. ‘පාරදිගේ. හරහා ඔබ හමුවට එන ඇය  සමග මේ විදිහට පිළිිසඳරකට එකතු වුණා.

බෙහෙත් වර්ග 525 ක ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්


කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා  පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තොග අවසන් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ වර්ගවලින් සියයට 50ක තොග අවසන්වී ඇති බවද ඔහු පැවසීය.

රඹුක්කන යකානැටූ පොලිසියට චෝදනා පත්‍රයක්…


පොලිසියේ 7 ක් යතුරු පැදිවලටත් පහරදීලා 

රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයකදී තරුණයකු වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අරලියගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි ගසා මල්වඩම් සිටවයි (වීඩියෝ)


රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් අද (23) ඡායා අවමංගල්‍ය පෙරහැරක් හා අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලදී.

Gossip Lanka Hot News Previous News Archive