අයහපත් කාලගුණයෙන් පස් දෙනෙක් මිය යති - 31 දෙනෙක් අතුරුදහන්

සැඩ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් මුහුදේ දී අනතුරට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පියවර ගෙන තිබේ.ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා ඇති අතර නාවික හමුදාව ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික යාත්‍රා 3 ක් යොදවා ඇත.මේ වන විට අනතුරට පත් ධීවරයන් 20 දෙනකු බේරා ගෙන තිබේ.

පස් දෙනකු මිය ගොස් දාහත් දෙනකු අතුරු දහන් වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.අහුන්ගල්ල පොලිස් වසමේ එක පුද්ගලයකු මිය ගොස් දාහත් දෙනකු අතුරුදහන් වී ඇති බව පොලීස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.බෙන්තොට, ගාල්ල සහ බේරුවල යන පොලිස් වසම්වල එක් පුද්ගලයකු බැගින් මිය ගොස් ඇති බවත් පොලීස් මූලස්ථානය නිවේදනය කළේය.

කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී විපතට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොටර් යානයක් යොදාවා තිබිණ.මුහුදු ගොස් අනතුරට පත් ධීවරයන් බේරා දෙන ලෙස ඉල්ලා ධීවර ජනතාව දෙහිවල දුම්රිය මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටියහ.ධීවර විරෝධතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබේ.කොළඹ දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, මුහුදේදී ධිවර බෝට්ටු අනතුරට ලක්වීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ධීවරයින් පිරිසක් දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අවහිරවන සේ විරෝධතාවයක යෙදී සිටින බවය.ඔවුන් ධීවර බෝට්ටු දුම්රිය මාර්ගයට ගෙනැවිත් ඇති බව ද පාලක මැදිරිය සදහන් කළේය.

නිළියක් වෙන්න ගිහින් දරුගැබකුත් සමග අතරමං වෙයි !

මේ කතාවේ පළමුවැනියා නයෝමිය. ජීවිතය ජයගන්නට ඇය තෝරා ගත්තේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයයි. ඇයට ඒ මාර්ගය විවර විය. ඒ අනුව ටෙලි නාට්‍ය කීපයක හා රූප රචනා කළ ගීත කිහිපයකට පෙනී සිටීමේ වරම ඇයට ලැබුණි. එහෙත් දැන් ඇය අප්පෙක් නැති දරුවෙකු බිහි කිරීමේ අරමුණින් කල් ගෙවන්නීය. ඒ නිළියක වන්නට ගිය ඇය, චීවරධාරියෙකු ලෙස පෙනී සිටි නරුමයෙකුට රැවටුණු නිසාය.

නිළියක වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් දෙවැන්නා චේතනාය. ඇයත් නයෝමි සේම රැවටිලිකාරයෙකුට හසු වූවාය. ඒ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුටය.මේ කතන්දර දෙකටම සම්බන්ධ නඩු දැන් උසාවිය හමුවේ විභාග වෙමින් පවතී. ඒ නිසාම නයෝමිත් , චේතනාත් මුහුණ දුන් අත්දැකීම් අප ඔබට කියන්නේ එම නීති රාමුව තුළ සිටිමින්ය.
නයෝමි සුරූපිනියකි. අප මුලින් පැවසූ පරිදි ඇය ටෙලි නාට්‍ය පහක සහ රූප රචනා කළ ගීත මෙන්ම වෙළෙඳ දැන්වීම්වලද පෙනී සිටියාය.මුල් විවාහයේ දරුවෙකු සමග තනිවී සිටි ඇය නිළියක් වන්නට සිතුවේ ඒ විනාශ වී ගිය අතීතයට වඩා වර්තමානය සහ අනාගතය යහපත් කර ගැනීමට වුවමනා වූ නිසාය.
මට පැහැදිලිව පෙනුණා ඒ ගමන හොඳ වෙන බව. මම මගේ අම්මාවත් කැමති කරවාගෙන ඒ ගමන ඇරඹුවා. ඒත් බොරුකාරයෙකු නිසා මගේ ජීවිතේ විනාශ වුණා.නයෝමි පදිංචිව සිටියේ තලවතුගොඩ කිට්ටුව නිවසකය. මව සමග තනිව ජීවත් වූ ඇයගේ නිවසට වරක් චීවරධාරියෙකු ලෙස පෙනී සිටින මේ කපටි පුද්ගලයා පැමිණෙන්නේ පින්කමක් වෙනුවෙන් කතිකාවක් ඇතිකර ගැනීමටය.

දුවගේ මංගල්‍යයට තිබූ ලක්‍ෂ 70 අහිමිවූ ව්‍යාපාරිකයා දුකෙන් මිය යයි

ජා-ඇළ ඒකල ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා මහදවල්, තම දියණියගේ විවාහ කටයුතු සඳහා ගෙන යමින් තිබියදී කොල්ලකන ලද රුපියල් ලක්‍ෂ 70 වේ හිමිකරුවන ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා ඊයේ (7) අලුයම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අංක 240 (සී) පදිංචිව සිටි අර්ඩ්ලි ශාන්ත ක්ලයාර් ඩේවිඩ් (56) මහතාය.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ ඩේවිඩ් මහතා සම්බන්ධව ප්‍රවෘත්තිය පසුගිය 29 වැනිදා රටපුරා ප්‍රවෘත්ති පත්‍රවල පල විය. අද ඒ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට දින නියම කැර තිබිණි. මාස කිහිපයක් තිස්සේ දියණියගේ විවාහය ඉතාමත් සුපිරි ලෙස සිදු කිරීමේ බලාපොරොත්තු ඇතුව කටයුතු කළ මේ පියා පසුගිය 28 වැනිදා බැංකුවකින් රුපියල් ලක්‍ෂ 70ක් රැගෙන ව්‍යාපාර ආයතනය වෙත යමින් සිටියදී කොල්ලකල්ලියක් එම මුදල් පැහැරගෙන පලාගොස් තිබිණි.

මේ සිද්ධියෙන් දැඩි වේදනාවට පත්ව සිටි ඩේවිඩ් මහතා දියණියගේ විවාහ මංගල්‍යයට දින නියම කැරගත් පරිදි ඒ ආකාරයෙන්ම අද එම විවාහය සිදු කිරීමේ කටයුතු සූදානම් කැර තිබිණි.ඒ අතර පෙරේදා (06) පස්වරුවේ ඩේවිඩ් මහතා හදිසියේ රෝගාතුර වී තිබේ. වහාම ඔහු මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබිණි. එහෙත් ඊයේ අලුයම ඒ මහතා මියගොස් ඇත. හෘදයාබාධයක් වැලඳී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. මීගමුව කදිරාන කිඹුලාපිටිය පාර අංක 240 (සී) නිවසේ පදිංචිව සිටි ඩේවිඩ් මහතා ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා වෙයි.

බස් ටිකට් වෙනුවට පෙර ගෙවුම් කාඩ් - Prepaid card system for bus commuters

බස් මඟීන් උදෙසා හඳුන්වා දෙනු ලබන පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වා දෙනු ලැබේ. මෙහි නියාමක ව්‍යාපෘතිය මාර්ග අංක 138 කොට්ටාව - පිටකොටුව හා මත්තෙගොඩ - පිටකොටුව අතර ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී මඟියාට ඕනෑම ඩයලොග් ආයතනයකින් රුපියල් 200 ක ආපසු ගෙවන තැන්පතු මුදලක් ගෙවා පෙර ගෙවුම් කාඩ්පතක් ලබාගත හැකි අතර එය තමන් අවශ්‍ය වටිනාකමකට ගිණුම් ගත කර හැකිය. මඟියා විසින් කොන්දොස්තරට කාඩ්පත ඉදිරිපත් කළ විට ටිකට් යන්ත්‍රයට සමාන යන්ත්‍රයක් මඟින් එය ගිණුම් ගත කරනු ලැබේ. එහිදී මඟියාට ලැබෙන ප්‍රවේශ පත්‍රයේ ලබාගත් මුදලට අමතරව ඉතිරිව ඇති මුදල පිළිබඳ විස්තරයක් ද සඳහන් වේ.

ශ්‍රී ලංකා මග බැංකුව මඟින් ඩයලොග් ආයතනයට මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මහජන බැංකුව මඟින් ගිණුම් කටයුතු සිදු කෙරේ.මේ කටයුත්තට ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුන්ගේ පූර්ණ දායකත්වය ලැබී ඇතැයි මේ සම්බන්ධව කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 

තවම තනිය මකන්න කවුරුත් හම්බ වුණේ නෑ - Asha Edirisinghe

වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානයට හිමිකම් කීමට ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවා ය. ඇය රංගන ශිල්පිනියක් මෙන් ම දක්ෂ රූපවාහිනී නිවේදිකාවක ද වන්නීය. ඇය ආශා එදිරිසිංහ. ආශාට ලැබුණු මෙම අගනා සම්මානය පිළිබඳවත් ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳවත් අපි ඇයගෙන් විමසා සිටියෙමු.

ජනප්‍රියතම නිළියවිමේ සතුට දැන ඔබට දැනෙන්නේ කොහොමද?

මේ මගේ කලා ජීවිතයේ ලැබුණු පළමු සම්මානය, හදවතින් ම නැඟෙන ඉතාම අහිංසක සතුටක් මම දැන් විඳිනවා.

මෙම සම්මානය ලැබෙයි කියන විශ්වාසයත් බලාපොරොත්තුවත් තිබුණා ද?
ඇත්තෙන් ම එහෙම කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. ජනප්‍රියම නිළියන් තිදෙනා අතරේ මම ඉන්න බව මට දැනගන්න ලැබුණේ කතරගම ප්‍රදේශයේ ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වල යෙදිල ඉන්න විටයි. ඒ සති දෙක මම ගතකළේ කතරගම.

හුනන් සහිත ළමා බිස්කට් විකුණු සමාගමට නඩු - Lizard Parts in farley rusk

පරිභෝජනයට නුසුදුසු 'ෆාලීස් රස්ක්' අලවි කිරීමේ චෝදනාව මත 'ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස්' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 07 දෙනෙකුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

පරිභෝජනයට නුසුදුසු 'ෆාලිස් රස්ක්' ළමා බිස්කට් ආහාරයට ගැනීමෙන් දැරියක සදාකාලික රෝගී භාවයට පත්වීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සහ අදාල දැරියගේ මව වන පී ටී නිශාන්ති රංජනී ප්‍රනාන්දු නැමැත්තියක විසින් ගොනුකළ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා ඊයේ (06) එම අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කර ඇත.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ ගල්පොත්තපාර නාවල පදිංචි ලක්ෂ්මන් අශෝක වික්‍රමසිංහ, බැද්දගාන පිටකොට්ටේ පදිංචි ටෙරන්ස බෝගහලන්ද, එපිටමුල්ල පාර පිටකොට්ටේ පදිංචි දිල්හාන් එල්මො ඇලොසියස්, බොරැල්ල ගෝතමී පාරේ පදිංචි සුරේන් චරිත, මාලඹේ පොතුඅරාව පාරේ පදිංචි නලීන් නීල් දිනේශ්, පානදුර ෆොන්සේකා පාරේ පදිංචි රසික දිමුත් සහ කොළඹ 3 ගාලු පාරේ පදිංචි සෝම ශාන්තන් ගනේෂ් නැමති පුද්ගලයින්ට එරෙහිවය.ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් ඕමානයෙන් ආනයනය කළ 'ෆාලීස් රස්ක්' ළදරු බිස්කට් වල හුනකුගේ සත්ව කොටස් හමුවීම සහ එම බිස්කට් ආහාරයට ගැනීමෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ දැරියක සදාකාලික රෝගාතුර වීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබිණ.

ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් අපතේ - Global Food Waste

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් (1/3) අපතේ යෑමට හෝ විනාශ වීමට භාජන වන බවත් මේ තත්ත්වය මත සෑම හත්දෙනකුගෙන් එක් අයකු බඩට අහරක් නොමැතිව නින්දට යන බව අනාවරණය වී ඇති බවත් ශ්‍රී ලංකා සොබා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ සමඟම ලොවපුරා වයස අවුරුදු පහකට අඩු ළමන් 20,000ක් දිනපතා බඩගින්න නිසා මියයන බවත් හෙතෙම පවසයි.ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව සතියක් තුළදී ලෝකයේ මිල අධිකම ආහාර පරිභෝජනයක් දක්නට ලැබෙන්නේ ජර්මානු පවුල තුළිනි. එය ඩොලර් 500කි. ලොව සතුටින්ම සිටින ජාතිය ලෙස නම් කරන භූතානයේ ආහාර පරිභෝජන වියදම ඩොලර් 05ක් වේ.එසේම ආසියාවේ ආහාර පරිභෝජනයට වැඩිම විදයමක් දරන රට වන්නේ ජපානයයි. එය ඩොලර් 317ක් වන අතර එම ආහාරවලින් පරිසරයට ඇසුරුම් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහැරෙන බව හෙළි වී තිබෙන බවද තිලක් කාරියවසම් මහතා පෙන්වා දේ.

මේ අනුව ඉහත කී බරපතළ තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජන වන තත්ත්වයක් තුළ පරිසරයට එමඟින් ඇතිවන බලපෑම පිළිබඳවද ඉලක්ක කර ගනිමින් මෙවර පරිසර දින තේමාව මඟින් අප සියලු දෙනාටම හිතන්නට යමක් මෙන්ම ඒ පිළිබඳ දැනුම්වත් වීම තුළින් අපගේ ආහාර රුචිකත්වය හා ආහාර තේරීම තුළ ඇති පාරිසරික බලපෑම් මොනවාද යන්න තේරුම් ගෙන තෝරා ගැනීම්වලට යොමු විය හැකි බව හෙතෙම පෙන්වා දේ.

ඇගැයීම් ලබන්න කවුරුත් කැමැතියි - Dulani Anuradha

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය හැටියට නිර්දේශිත නම් අතර ඔබත් හිටියා. මොකද ඒ ගැන හිතෙන්නෙ?
බොහොම සතුටුයි. සම්මානයක් නොලැබුණත් අපේ රටේ හොඳම නිළිය හැටියට සම්මානයකට නිර්දේශ වීමම සතුටුදායක දෙයක්, අපේ රටේ ටෙලි නාට්‍ය බිහිවෙනවත් ඉතා වැඩියි. ඒ අතරෙ හොඳ නිර්මාණත් බිහි වෙනවා. එවැනි නිර්මාණයකින් හොඳම නිළිය හැටියට නිර්දේශ වෙනවයි කියන්නෙත් රංගන ශිල්පිනියකට ලොකු වටිනාකමක්.

 රංගන ශිල්පිනියක් හැටියට සම්මානය කියන දෙය බලපාන්නෙ මොන විදියට කියලද ඔයා හිතන්නෙ?
ඇගැයීම් ලබන්න කවුරුත් කැමැතියි. ඒකයි ඇත්ත. සම්මානනීය ඇගැයීමකින් ධෛර්යයක් වගේම වඩාත් වගකීමෙන් වැඩ කළ යුතුයි කියන ඥානය ලැබෙනවා. වැඩක් කරද්දී තව තවත් හිතන්න පෙලඹවීමක් ඇති කරවනවා. උපරිමයෙන්ම කරන්න පොලඹවනවා. කළදේට වඩා වැඩි දෙයක් කරන්න සොයා යනවා. කලින් අඩුපාඩු දකින්න පෙලැඹෙනවා. ඇත්තටම ඉබේම වගකිව යුතු තැනකට යොමු වෙනවා.

ඔයාට මුලින්ම සම්මානයක් හිමි වුණේ?
පාසල් වේදිකාවෙන් පස්සෙ ප්‍රසිද්ධ වේදිකාවක මාව මුලින්ම ඇගැයුනේ අබා චිත්‍රපටයෙන්, හොඳම නිළිය හැටියට මුලින්ම මට සරසවි සම්මානය හිමි වුණා. ඊට පස්සෙ අබා චිත්‍රපටයටම OCIC සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නිළිය හැටියට සම්මාන ලැබුණා.

Gossip Lanka Hot News Previous News Archive