සැඩ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් මුහුදේ දී අනතුරට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පියවර ගෙන තිබේ.ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා ඇති අතර නාවික හමුදාව ධීවරයින් බේරා ගැනීම සඳහා නාවික යාත්‍රා 3 ක් යොදවා ඇත.මේ වන විට අනතුරට පත් ධීවරයන් 20 දෙනකු බේරා ගෙන තිබේ.
පස් දෙනකු මිය ගොස් දාහත් දෙනකු අතුරු දහන් වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.අහුන්ගල්ල පොලිස් වසමේ එක පුද්ගලයකු මිය ගොස් දාහත් දෙනකු අතුරුදහන් වී ඇති බව පොලීස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.බෙන්තොට, ගාල්ල සහ බේරුවල යන පොලිස් වසම්වල එක් පුද්ගලයකු බැගින් මිය ගොස් ඇති බවත් පොලීස් මූලස්ථානය නිවේදනය කළේය.
කොල්ලුපිටිය මුහුදු ප්‍රදේශයේදී හා බේරුවලදී විපතට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොටර් යානයක් යොදාවා තිබිණ.මුහුදු ගොස් අනතුරට පත් ධීවරයන් බේරා දෙන ලෙස ඉල්ලා ධීවර ජනතාව දෙහිවල දුම්රිය මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටියහ.ධීවර විරෝධතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබේ.කොළඹ දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, මුහුදේදී ධිවර බෝට්ටු අනතුරට ලක්වීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ධීවරයින් පිරිසක් දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අවහිරවන සේ විරෝධතාවයක යෙදී සිටින බවය.ඔවුන් ධීවර බෝට්ටු දුම්රිය මාර්ගයට ගෙනැවිත් ඇති බව ද පාලක මැදිරිය සදහන් කළේය.