යම් යම් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අයට යම් යම් සිතුවිලි හා අදහස් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කොට ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇතිකිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. මේවා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවම මට්ටමක පෞද්ගලික සහභාගිත්වයක් පමණක් බවත් එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ සාම්ප්‍රදායික ආම්පන්න ඔස්සේ එවැනි තර්ජන මැඬපැවැත්වීම අසීරු කාර්යයක් වී ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.
කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ “ජාතික ආරක්ෂක ඉසව්“ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පවත්වමින් රාජපක්ෂ පමතා මේ බව පෙන්වා දුන්නේය.
'ෆේස්බුක්' 'ට්විටර්' සහ අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් සැදි තාක්ෂණය එළිදැකීමත් සමඟ රටවල් අස්ථාවර කොට ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව වැනි රටවල බැරෑරුම් වෙනස්කම් සිදුකිරීමට මෙම නව මාධ්‍ය අඩවි සතු බලය අප දැක ඇති බවත් රාජපක්ෂ මහතා කීය.අපේ තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය අඩවි පිළිබඳ දැනුමක් ලබා සිටින බවත් ඒවා තොරතුරු රැස් කරගැනීමට මෙන්ම සංකල්පනාවන් ප්‍රචාරය කිරීමට ආයුධයක් ලෙස ඔවුන් භාවිත කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.