facebook ජාතික ආරක්ෂාවට තර්ජනයක් - Gotabhaya Rajapaksa

යම් යම් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අයට යම් යම් සිතුවිලි හා අදහස් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කොට ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇතිකිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. මේවා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවම මට්ටමක පෞද්ගලික සහභාගිත්වයක් පමණක් බවත් එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ සාම්ප්‍රදායික ආම්පන්න ඔස්සේ එවැනි තර්ජන මැඬපැවැත්වීම අසීරු කාර්යයක් වී ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ “ජාතික ආරක්ෂක ඉසව්“ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පවත්වමින් රාජපක්ෂ පමතා මේ බව පෙන්වා දුන්නේය.

'ෆේස්බුක්' 'ට්විටර්' සහ අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් සැදි තාක්ෂණය එළිදැකීමත් සමඟ රටවල් අස්ථාවර කොට ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව වැනි රටවල බැරෑරුම් වෙනස්කම් සිදුකිරීමට මෙම නව මාධ්‍ය අඩවි සතු බලය අප දැක ඇති බවත් රාජපක්ෂ මහතා කීය.අපේ තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය අඩවි පිළිබඳ දැනුමක් ලබා සිටින බවත් ඒවා තොරතුරු රැස් කරගැනීමට මෙන්ම සංකල්පනාවන් ප්‍රචාරය කිරීමට ආයුධයක් ලෙස ඔවුන් භාවිත කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

සැමියා ගෙඩි කෑ තහනම් ගහට බිරිය යුතුකම් ඉටු කරයි

ඇය රන්මසු සොයා මැදපෙරදිග රටකට ඉගිළ ගියේ සිය පැටවුන් දෙදෙනා සැමියාට භාර කරමිනි. දින, සති, මාස ලෙස කාලයත් ඉගිළ යන්නට විය. බිරිය නොමැති නිසා පාළුව, කාන්සිය සැමියා තුළ රජයන්නට විය. ඊටත් වඩා කාමාග්නියෙන් හේ දැවෙන්නට විය. මේ අග්නිය වහ වහා නිවා දැමිය යුතු බව ඔහු සිතීය.

මේ කාමාග්නිය නිවා දැමීමට නම් තහනම් ළිඳකින් වතුර සපයා ගැනීම හැර අන් මඟක් නැති බව ඔහුට අවබෝධ විය. ඒ සඳහා සුදුසු ළිඳක්ද අහල පහළම තිබිණි. ළිඳේ හිමිකරු ළිඳ අත්හැර ගොස් බොහෝ කල්ය. හේ තහනම් ළිඳෙන් වතුර බීමට ඇබ්බැහි විය.කල් ඉකුත් විය. බිරිය රන්මසු පොදි බැඳගෙන නිවෙසට ආවාය. ගෙවුණේ දින කීපයකි. සැමියාගේ කල්කිරියාව යහපත් නොවන බව ඇයට දැනිණි. ඔහු අනියම් පෙමක පැටලී සිටියා පමණක් නොව එහි ප්‍රතිඵලයක් ලෙස සැමියාට දාව අනියම් බිරියට දරුවකුද ලැබී ඇති බව ඇය දැනගත්තාය. 'මාලිගය' ගොඩනැඟීමට එවූ මසුරන්ද අනියම් බිරිය වෙනුවෙන් වැය කොට ඇති බවද දැක්කාය.

 මේ අවනඩුව පොලිස් පොතේ සටහන් කිරීමට රට ගිය බිරිය පොලිසියට පැමිණියාය. සිද්ධවී ඇති අලකලංචිය පොලිසියට පවසා මේ හෙයියම්මාරුවෙන් තමා මුදා ගන්නා ලෙස ඇය පොලිසියෙන් ඇයැද සිටියාය.පැමිණිල්ලට අනුව සැමියාත්, ඔහුගේ අනියම් බිරියත්, පැමිණිලිකාර බිරියත් පොලිසියට කැඳවූහ. විවිධ පැමිණිලි අංශයේ නිලදරුවා කරුණු කාරණා විමැසීය. අනියම් බිරියත්, කසාද බිරියත්, සැමියා තනි අයිතියට ගැනීමට කරුණු ඉදිරිපත් කළහ.

කොටි සැකකරුවන් නිදහස් කරන්න වාස් ලක්ෂ ගණනින් කප්පම් අරන්

බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත.

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.

බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.

මම එංගලන්තයේ හිටියට ලංකාවට හරිම ආදරෙයි - Senali Fonseka

'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා
කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැ‍ඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.

‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

චිත්‍රපටය නරඹන ගොඩක් දෙනෙක් මගේ රංගනය අගය කරල කතා කරනවා. චිත්‍රපටය තිරගත වන්න කලින් පවා චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් හොඳ ප්‍රතිචාර මගේ රංගනයට ලැබුණා. හැමෝම මගේ රංගන ජීවිතයට සුබ පතනවා.

මේ ඔබේ කීවැනි චිත්‍රපටය ද?

ම‍ෙග් පළමු චිත්‍රපටය.

ලංකාවේ උක්කු අම්මා ලොව වයස්ගතම පුද්ගලයා වෙයි - World's oldest person

දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය.

ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.

බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.

ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති.
ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ දෙවැනි ස්ථානය ජපානයේ මිසාකා ඔකාවෝට හිමිවේ.

මම මිනීමරුවෙක්! එළියට ආපු දවසට කරන දේ බලාගනිල්ලා

රහස් පොලිස් නිලධාරීන්ට වාස් තර්ජනය කළැයි අධිකරණයට දන්වයි

මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.

මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වේ.

බෝධිරාජ මාවත, රූපසිංහ මාවත, නැදිමාල, දෙහිවල ලිපිනයේ පදිංචි අන්ද්‍ර වාස් පටබැඳී ගනේන්ද්‍ර ගුණවර්ධන නැමැති බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත් (10) වැනිදා රාත්‍රි 9.45 ට රහස් පොලිසිය අත්අඩංගුවට ගැනිණි.

මහ බැංකුව, විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි - Further Relaxation of Foreign Exchange Regulations 2013

ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර ඇත.
ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම වැඩිදියුණු වී ඇති අතර, දේශීය මූල්‍ය අංශය වඩාත් ශක්‌තිමත් වී ඇත. එම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යැමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්‌ ළඟා කර ගැනීම සහ ව්‍යාපාර කටයුතු පහසු කිරීම හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසීම මගින් සමස්‌ත ආර්ථිකයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම යනාදී අරමුණු පෙරදැරි කරගෙන, විදේශ විනිමය රෙගුලාසි අනුක්‍රමයෙන් ලිහිල් කරන ලදී.ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්තිමය රාමුව තුළ පිහිටා කටයුතු කිරීම සඳහා ජුනි 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පහත පරිදිවේ.
  •  අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)රැ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පවතින මුදල් එක්‌ බැංකුවකින් වෙනත් බැංකුවකට මාරුකිරීම සඳහා අනුමැතිය ලබාදීම.

බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර වෙනත් බලයලත් වෙළෙන්දෙකු සමඟ නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තුවන්නන් ඒ සඳහා විනිමය පාලකගේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හට ඉහළ නම්‍යශීලීභාවයක්‌ ලබාදීම සඳහා වෙනත් බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක/ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක්‌/ගිණුම් විවෘත කිරීමට පුද්ගලයන්ට දැන් අවසර ලබා දී ඇත.

ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක් - Sri Lanka beat England by 7 wickets

කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී කඩුලූ 7 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු සුරැකිව තබාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

පන්දු 71 කට පමණක් මුහුණ දෙමින්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 134) සහ නුවන් කුලසේකර (නොදැවී 58) දෙදෙනා, තරගයේ පන්දු 17 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පිතිකරුවකු තනි ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන සංගක්කාර ඒ සඳහා පන්දු 135 කට මුහුණ දෙමින් හතරේ පහර 12 කින් එය අලංකාර කළේය. කුලසේකරගේ පන්දු 38 ඉනිම අලංකාර හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත් අතර සංගක්කාර සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ මහේල ජයවර්ධන පන්දු 43 කදී ලකුණු 42 ක් ලබාගැනීමෙන් අනතුරුව දැවී ගියේය.

Gossip Lanka Hot News Previous News Archive